හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස වසර 20 ක් සේවය කළ පසු ජේම්ස් තම සමූහනයට සේවය කිරීම පිණිස නිවසට ආවේය. නමුත් ඔහුට හෙලිකොප්ටර් නැතුව බැරි විය. එසේ හෙයින් ඔහු ප‍්‍රාදේශීය ආරෝග්‍ය ශාලාවක ගුවන් නියමුවෙකු ලෙස සේවය කලේය. ඔහු වයසට යන තුරුම නියමු රැකියාව කළේය.

දැන් ඔහුට සමුදීමට කාලය පැමිණ තිබේ. මිතුරන්, පවුලේ අය සහ නිල ඇඳුම් ඇඳි හවුල් සේවකයන් සොහොනෙහි සීරුවෙන් සිටින අතර මිතුරෙකු ආරා්ග්‍යශාලාවට ඇමතුමක් දුන්නේය. ක්‍ෂණයකින් සුපුරුදු හෙලිකොප්ටර් හඬ ඇසුණී. ගරුත්වය පෙන්වීම පිණිස හෙලිකොප්ටරය සොහොන ඉහළින් වටයක් ගොස් නැවතත් ආරෝග්‍යශාලාවට පිටත්ව ගියේය. හමුදා නිලධාරීන්ට පවා කඳුළු නවතා ගත නොහැකි විය.

සාවුල් රජ සහ ඔහුගේ පුත් යොනාතාන් මිය ගිය විට දාවිත් ඒ යුගයේ පවතින කවියක් ලිවීය. එහි නම “ධනුර් ගීයයි” (2 සාමුවෙල් 1:18). “උස් කඳුවල මුවෙකු වැටී සිටී”. “අහෝ බලවතුන් වැටුණු හැටී” (19 පදය). යොනාතාන් දාවිත්ගේ සමීපතම මිතුරාය. ළයාන්විත සහෝදරයාය. දාවිත් සහ සාවුල් සතුරන්ව සිටියද දාවිත් ඔවුන් දෙදෙනාටම ගරු කළේය. “සාවුල් ගැන අඬව්” ඔහු ලිවීය. “මාගේ සහෝදරවූ යොනාතාන් නුඹ ගැන මට ශෝකය ඇත්තේය” (24-26 පද).

හොඳම සමුදීම් පවා ඉතාම අසීරුය. නමුත් ස්වාමින් කෙරෙහි විශ්වාසය තබන අයට මතකය තිත්ත නැත. එය මිහිරිය. ඊට හේතුව වෙන්වීම සදාකාලයට නොවන නිසාය. අන් අයට සේවය කළ අයට ගරු කිරීමට ලැබීම කෙතරම් යහපත්ද?