බෝට්ටුව ගමන් ආරම්භ කළ විටම මාගේ කුඩා දියණිය තමාට අසනීප බව කීවාය. මුහුදු අසනීපය දැනටම ඇයට බලපාන්නට ආරම්භ වී තිබුණී. ඉක්මණින් මටත් එය බලපෑම් කළේය. “ක්‍ෂිතිජය දෙස බලන්න”. මම මතක් කර ගතිමි. නැවියෝ මෙය කියන්නේ අලුත් දැක්මක් ලබා ගැනීමටය.

ක්‍ෂිතිජයේ මැවුම්කරුවාණෝ (යෝබ් 26:10) ජීවිතයේ සමහර අවස්ථාවලදී අපි බියවන බවත් අසහනයට පත්වන බවත් දන්නා සේක. දුර එනම් අපගේ ගමනාන්තය දෙස අවධානය තබා ගැනීමෙන් අපගේ දැක්ම අලුත් කර ගත හැකිය.

හෙබ්‍රෙව් කතෘ එය තේරුම් ගත්තේය. තම පාඨකයන් තුළ අධෛර්යවීමක් ඔහු දිටීය. පීඩාව ඔවුන්ව නිවෙස් වලින් ඵලවා හැර තිබුණී. එහෙයින් ඔහු ඔවුන්ට මතක් කළේ ඇදහිල්ල ඇති අන් අය අසීරු සෝදිසි දරා ඇති බවත් ඔවුන්ටද නිවාස නැතිවී ඇති බවත්ය. ඔවුන් ඒවා දරා ගත්තේ ඊට වඩා යහපත් දෙයක් ඔවුන් බලාපොරොත්තු වූ නිසාය.

විප‍්‍රවාසිකයන් වශයෙන් දෙවියන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද ස්වර්ගීය රටක් ඔහුගේ පාඨකයන්ට බලාපොරොත්තු වීමට හැකි විය (හෙබ්‍රෙව් 11:10, 14, 16). ඒහෙයින් ඔහුගේ අවසන් දිරිමත් කිරීම ලෙස කතෘ තම පාඨකයන්ට කීවේ දෙවියන්වහන්සේගේ පොරොන්දු දෙස අවධානය යොමු කරන ලෙසය. “මක්නිසාද පවතින නුවරක් මෙහි අපට නැත. අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය” (13:14).

අපගේ වත්මන් කරදර තාවකාලිකය. අපි මෙලොවෙහි “විදේශීන්ද ආගන්තුකයන්ද” (11:13) වෙමු. නමුත් දෙවියන්වහන්සේගේ පොරොන්දු වල ක්‍ෂිතිජය දෙස බලන විට අපට අවශ්‍ය දෙයෙහි මූලාශ‍්‍රය අපට ලැබේ.