දුක්බරවූ මහත් මොර ගැසීම අඳුරු සන්ධ්‍යාවේ වායුව සිසාරා ගියේය. යේසුස්වහන්සේගේ මිතුරන් සහ ප‍්‍රියයන් උන්වහන්සේගේ පාමුළ හඬා වැළපෙන ශබ්දයද ඒ හඬින් යටපත් වන්න ඇති. යේසුස්වහන්සේගේ දෙපැත්තෙහි විලාප හඬද ඒ ශබ්දය යටපත් කරන්න ඇති. එය අසා සිටි සියල්ලෝම අනිවාර්යයෙන්ම ඒ හඬින් බියපත් වෙන්න ඇති.

“ඒලී, ඒලී, ලාමා සබක්තානි” යයි යේසුස්වහන්සේ වේදනාවෙන් මහත් දුකකින් හඬ ගැසීය. ඒ උන්වහන්සේ ගොල්ගොතා කන්දෙහි ලැජ්ජාවෙන් සිටින අතරය (මතෙව් 27:45-46).

“මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?”

සිත පසාරු කර ගෙන යන ඊට වඩා වෙනස් වචන මට සිතා ගත නොහැකිය. පියාණන් වන දෙවියන්වහන්සේ සමඟ යේසුස්වහන්සේට සම්පූර්ණ සහභාගීත්වයක් තිබුණි. ඔවුන් දෙදෙනාම එකතුව විශ්වය මැවූහ. මිනිස් වර්ගයා තමන්ගේ ස්වරූපයෙන් හැඩ ගැසූහ. ගැළවීම සැලසුම් කළහ. අතීත යුගයන් වලදී ඔවුන් දෙදෙනා සම්පූර්ණ සහභාගීත්වයෙන් තොරව කිසි විටෙක සිට නැත.

කුරුසියේ වේදනාව යේසුස්වහන්සේ වෙත විශාල වේදනාවක් ගෙන දුන් අතර උන්වහන්සේ ලෝකයේ පාප බර දැරූ නිසා දෙවියන්වහන්සේගේ අභිමුඛය නැති වීම පළමුවරට උන්වහන්සේ දැන ගත් සේක.

එය එකම මාර්ගය විය. මේ නැතිවූ සහභාගීත්වය තුළින් පමණක් ගැළවීම දිය හැකි විය. මනුෂ්‍යයන් වන අපට දෙවියන්වහන්සේ සමඟ සහභාගීත්වය ඇත්තේ යේසුස්වහන්සේ මෙම අත්දැකීම ලැබීමට කැමති වූ නිසාය.

අපට සමාව ලැබෙන පිණිස එවැනි වේදනාවක් අත්දුටු නිසා යේසුනි ඔබට ස්තුතිවන්ත වෙමු.