මාගේ භාර්යාව මෑතකදී මා හට ලැබ‍්‍රඩෝර් රිට්රීව් වර්ගයේ බලු පැටියෙකු දුන්නාය. අපි මැක්ස් යන නම ඌට තැබීමු. එක් දිනක් මැක්ස් මාත් සමඟ මාගේ කාමරයේ කාලය ගත කරද්දී මා පසුපසින් කොල ඉරන ශබ්දයක් ඇසුණි. මම පසුපස හැරුණෙමි. මා දුටුවේ විවෘත වූ පොතකි. පොතේ පිටුවක් බලු පැටියාගේ කටෙහි එල්ලෙමින් තිබුණි. බලු පැටියාගේ මුහුණ වරදක් කළ බවක් පෙන්නුම් කළේය.

අපගේ පශු වෛද්‍ය පවසන්නේ මැක්ස් “සපන” අවුරුදු තුළින් යන බවය. බලු පැටියාගේ කිරි දත් වැටී ස්ථීර දත් එන තුරු උන් ඕනෑම දෙයක් විකති. එයින් උන්ගේ වීදුරු මස් වලට සහනයක් ලැබේ. මැක්ස් තමාට හානි වන දේවල් නොවිකන පිණිස අපි වග බලා ගත යුතු වේ. අප මැක්ස්ට යහපත් විකල්ප දිය යුතු වේ.

විකීමට ඇති මැක්ස්ගේ ආශාවත් ඌ බලා ගැනීමට මා සතුව ඇති වගකීමත් අපගේ මනසෙහි සහ සිතෙහි අප විකන දේවල් ගැන කල්පනා කිරීමට පෙළඹවීමක් දුන්නේය. අප වෙබ් අඩවි බලන විටත් රූපවාහිනිය නරඹන විටත් අපගේ සදාකාලික ආත්ම පෝෂණය කරන්නේ කුමණ දේවල් වලින්දැයි අප පරෙස්සමින් කල්පනා කරනවාද? බයිබලය අපව දිරිමත් කරන්නේ “ආත්මිකවූ අමිශ‍්‍රවූ කිරිවලින් නුඹලා ගැළවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් ඊට ආශා වෙයල්ලා” (1 පේත‍්‍රෑස් 2:2-3) කියාය. අප ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස වර්ධනය වන්නට නම් දිනපතා දෙවියන්වහන්සේගේ වචනයෙන් සහ සත්‍යයෙන් පෝෂණය විය යුතු වෙමු. උන්වහන්සේ තුළ මුහුකුරා ගිය හැක්කේ එවිට පමණි.