මගේ පියා 58 හැවිරිදි වයසේදී මිය ගියේය. ඔහු මිය ගිය දිනයෙහි නැවතී ඔහුව සිහිකරමින් ඔහු මාගේ ජීවිතයට දුන් ආභාෂය ගැන මම සිතා බලමි. ඔහු සමඟ සිටියාට වඩා වැඩි කාලයක් ඔහු නැතිව සිටි බව මට අවබෝධ වන විට මාගේ ජීවිතයේ ඇති කෙටි බව මට මතක් වේ.

අපගේ ජීවිතය ගැන නැවත සිතා බලන විට අපගේ ජීවිතයේ සිදුවීමක් සහ එය අප තුළ ඉස්මතු කරන හැඟීම් සමග අපි අරගල කරමු. අපි ඔරලෝසු සහ දින දර්ශන වලින් කාලය මැන්නද ප‍්‍රීතිය, අලාභය, ආශිර්වාදය, වේදනාව, සාර්ථකත්වය සහ පරාජය උලුප්පන සමහර මොහොතවල් නිසා අපට දිනයන් මතක් වේ.

දේව වචනය අපව දිරිමත් කරන්නේ “ජනයෙනි, සෑම විටම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරව්. උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහ්නසේ අපට රක්‍ෂස්ථානයක්ය” (ගීතාවලිය 62:8) කියාය. සහතික භාවයෙන් යුත් මෙම ප‍්‍රකාශය පහසු කාලයකදී සිදුවූ දෙයක් නොවේ. දාවිත් මෙම වචන ලීවේ සතුරන්ගෙන් වටව සිටින විටය (3-4 පද). එහෙත් ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිශ්චලව සිටියේය (1-5 පද). ඔහු අපට මතක් කරන්නේ දෙවියන්වහන්සේගේ නොනවතින පේ‍්‍රමය (12 පදය) අප මුහුණ දෙන කුමණ අරගල අවස්ථාවකටත් වඩා ශ්‍රේෂ්ඨ බවය.

කුමණ සිදුවීමකදී වුවද අපට එම සහතිකය තිබේ. අපගේ දෙවියන්වහන්සේ අප සමඟ සිටින සේක. අපගේ ජීවිත අවස්ථාවන් තුළින් අපව ඔසවා ගෙන යාමට උන්වහන්සේගේ හැකියාව සෑහෙන්නේය. ජීවිතයේ කාලයන් අප යටකර දැමීමට උත්සාහ කරන විට උන්වහන්සේගේ උපකාරය නියමිත වේලාවේදී පැමිණෙනු ඇත.