පුරාණ කාලයේදී කැඩුණු පවුරක් එළිදරව් කළේ පරාජය වූ භයංකාරත්වයට සහ ලැජ්ජාවට විවෘත වූ සෙනගකි. යුදෙව්වෝ යෙරුසලමේ පවුරු ගොඩ නැගුවේ ඒ නිසාය. කෙසේද? එකිනෙකා උරෙන් උර ගැටී වැඩ කිරීමෙනි. නෙහෙමියා 3 හි එය හොඳින් විස්තර වේ.

ප‍්‍රථම කියවීමේදී 3 වන පරිච්ඡේදය දැක්වෙන්නේ ගොඩනගන අය කළ ක‍්‍රියා ගැන නීරස විස්තරයක් යයි ඔබට සිතෙනු ඇත. නමුත් සමීපව බලන කල සෙනග වැඩ කළ ආකාරය හොඳින් ඉස්මතු වේ. පුජකයෝ පාලකයන් සමඟ වැඩ කළහ. සුවඳ විලවුන් සාදන්නන් මෙන්ම රන්කරුවෝද උපකාර කළහ. අසළ නුවර වල අය අත් උදව් දීමට ආවෝය. තවත් අය ඔවුන්ගේ නිවාස ඉදිරිපිට වැඩ කළෝය (3:12). සමහරු කොටස් දෙකක් අලුත්වැඩියා කළෝය. ටෙකෝවාහි සෙනඟ උදාහරණයට ගත හැකිය (5 සහ 27 පද).

මෙම පරිච්ඡේදයෙහි කාරණා දෙකක් ඉලිප්පී පෙනේ. පළමුව ඔවුන් සියල්ලන්ට පොදු අරමුණක් තිබුණි. දෙවනුව වැඩේට පංගුකාර වීම ගැන ඔවුන් සියල්ලෝ ඇගයීමක් ලැබූහ. අන් අය සමඟ සංසන්දනය කිරීමේදී වැඩ අඩුද වැඩිද ගැන ප‍්‍රශ්නයක් නොවීය.

අදද අපි විනාශ වූ පවුල් සහ බිඳුණු සමාජයන් දකිමු. යේසුස්වහන්සේ පැමිණියේ ජීවිත වෙනස් කිරීම තුළින් දේව රාජ්‍යය ගොඩ නැගීමටය. යේසුස්වහන්සේ තුළ අලුත් ජීවිතයක් සහ බලාපොරොත්තුවක් ඇති බව අන් අයට පෙන්වමින් අපගේ අසල්වැසියන් අපට ගොඩ නැගිය හැකිය. අප සියල්ලන්ට යමක් කිරීමට ඇත්තේය. එහෙයින් උරෙන් උර වැඩ කරමු. අපගේ කාර්යය කරමු. කුඩා වූවත් විශාල වූවත් ප‍්‍රශ්නයක් නැත. සෙනඟට යේසුස්වහන්සේ සොයා ගත හැකි පේ‍්‍රමයේ සමූහනයක් ගොඩ නගන පිණිස එසේ කරමු.