අපගේ මිණිපිරිය වන සාරා අප මිය ගිය විට සිදුවන දෙය ඉතා කුඩා කාලයෙහි විස්තර කළාය. “ඔබගේ මුහුණු පමණක් ස්වර්ගයට යනවා. ඔබගේ ශරීරය යන්නේ නැහැ. ඔබට අලුත් ශරීරයක් ලැබෙනවා. නමුත් ඔබගේම මුහුණ තිබෙනවා”.

සාරා සදාකාලික ජීවනය ගැන තේරුම් ගත් විදිහ කුඩා දරුවෙක්ගේ අදහසකි. නමුත් ඇය සදාකාලික සත්‍යය තේරුම් ගත්තාය. එක් අතකින් අපගේ මුහුණු නොපෙනෙන ආත්මයේ දෘශ්‍යමාන පැත්තයි.

කෝපයේ බැල්මක් මගේ මුහුණේ කවදා හෝ මුද්‍රා වන බව මාගේ මව කීමට පුරුදුව සිටියාය. ඇයගේ දැන ගැන්මට වඩා ඇය ණැනවත්ව සිටියාය. කලකිරුණු සහ මුහුණේ කෝපය, අපගේ ඇස්වල කේන්තියේ ස්වභාවය කලකිරුණු ආත්මයක් පෙන්නුම් කරයි. අනිත් අතින් කරුණාවන්ත ඇස්, මෘදු පෙනුමක්, උණුසුම් සහ පිළිගැනීමේ සිනහවක්, මුහුණුවල රැළි කැළැල් සහ වෙනත් විකෘති වීම් තිබුණද ඇතුලාන්ත වෙනස්වීමේ ලකුණු පෙන්නුම් කරයි.

අපට උපතේදී ලැබුණු මුහුණුවලට වැඩි වෙසනක් කිරීමට අපට නොහැකිය. නමුත් අප තුළ හැදී වැඩෙන පුද්ගලයා ගැන අපට යමක් කළ හැකිය. යටහත්කම, ඉවසීම, කරුණව, දරා ගැනීම, කෘතඥතාව, සමාව, සාමය සහ පේ‍්‍රමය ගැන අපට යාච්ඤා කළ හැකිය (ගලාති 5:22-26).

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් උන්වහන්සේගේ වේලාවට අපගේ ස්වාමීන්වහන්සේ මෙන් ඇතුලාන්ත සමානත්වයක් කරා අපි වැඩෙමු. එනම් කරුණාවන්ත, වයසක මුහුණක පෙනීමට සමාන වන. ජෝන් ඩන් (1572-1631) නැමති ඉංග‍්‍රීසි කවියා කියන ලෙස වසය වඩාත් පේ‍්‍රමණීය වන්නේ අවසන් දින වලය.