“සෑම කෙනාවම වැළඳ ගන්නේ කවුද?”

අපගේ මිතුරු ස්ටීව්ට පිළිකාවක් සෑදී ඇති නිසා තමාට සභාවෙන් ටික කාලයකට ඈත්වී සිටීමට සිදුවන බව දන්නා බැවින් ඔහු ඇසූ ප‍්‍රශ්නය එයයි. ස්ටීව් සෑම කෙනාවම පිළිගන්නා කෙනෙකි. ඔහු මිත‍්‍රශීලී ලෙස පිළිගනී. අතට අත දෙයි. සමහර විට ශුද්ධ සිප ගැනීමක් කරයි. එය රෝම 16:16 අදාල කිරීමකි. එහි ඇත්තේ “ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න” කියාය.

දැන් අපි ස්ටීව්ව සුව කරන්න යයි දෙවියන්වහන්සේට යාච්ඤා කරන විට ශල්‍ය කර්ම සහ ඖෂධ තුළින් යාම ගැන ඔහු කණස්සලුව සිටී. ඔහු සභාවෙන් ටික කාලයකට ඈත් වන නිසා ඔහුගේ උණුසුම් පිළිගැනීම් නැති වනු ඇත.

සමහර විට ස්ටීව් මෙන් එකිනෙකාව පිළිගැනීමට සැම කෙනාම පුරුදු වී නැත. නමුත් සෙනගට සැළකීමේ ඔහුගේ ආදර්ශය අපට හොඳ මතක් කිරීමකි. “කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න” කියා පේත‍්‍රෑස් කියන ආකාරය බලන්න. තවත් අතකින් එය කේන්ද්‍රීය වන්නේ පේ‍්‍රමය වටාය (61 පේත‍්‍රෑස් 4:9; පිලිප්පි 2:14 බලන්න). පළමු සියවසේ ආගන්තුක සත්කාරයට සංචාරකයන්ට නිදා ගැනීමේ පහසුකම්ද ඇතුළත් විය. නමුත් සෑම දෙයක්ම ආරම්භ වන්නේ උණුසුම් පිළිගැනීමකිනි.

අප එකිනෙකා සමඟ පේ‍්‍රමයෙන් ක‍්‍රියා කරන විට වැළඳ ගැනීමකින් හෝ මිත‍්‍රශීලි සිනහවකින් වුවද අප සෑම දෙයක්ම කරන්නේ “දෙවියන්වහන්සේට යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණ කොට ගෙන සියලු කාරණාවලදී ගෞරවය පැමිණෙන පිණිසය” (1 පේත‍්‍රෑස් 4:11).