වෙළඳ ප‍්‍රචාරකයන් පැමිණ ඇති නිගමණය නම් පේ‍්‍රක්‍ෂකයන් ප‍්‍රතිචාර දක්වන හොඳම වචනය ඔවුන්ගේ නම බවය. ඒ හෙයින් රූපවාහිණී නාළිකාවක් අන්තර් ජාලයෙන් පුද්ගලික නාමය අමතන දැන්වීම් සේවයක් ආරම්භ කර ඇත.

රූපවාහිණීයෙන් අපගේ නම කියනවා අපට ප‍්‍රීතිය දෙනු ඇත. නමුත් අපට පේ‍්‍රම කරන කෙනෙකු තුළින් අපගේ නම ඇසෙන විට එහි වැඩි රසයක් ඇත්තේය.

මග්දලාහි මරියාගේ අවධානය ඇදී ගියේ කුරුසිගත කිරීමෙන් පසු යේසුස්වහන්සේගේ සොහොන අසලදී ඇගේ නම ඇසුණු විටය (යොහන් 20:16). මම සිතන්නේ එම තනි වචනයෙන් සුළු අවිශ්වාසයක් සහ ප‍්‍රීතියක් ඇතුව ඇය හැරුණේ තමා පේ‍්‍රම කරන අනුගමණය කළ ගුරුවරයාණන් ඇය හඳුනාගත් නිසාය. උන්වහන්සේ ඇගේ නම කිවු සුපුරුදු විලාශය ඇයව හොඳින්ම දැන සිටි තැනන්වහන්සේ ජීවමානව සිටින බවට ඇයට ස්ථිරතාවයක් ගෙන දුන්නේය.

මරියා යේසුස්වහන්සේ සමඟ අසමසම අවස්ථාවක් අත් දුටුවද අපටද දෙවියන්වහන්සේ පුද්ගලිකව පේ‍්‍රම කරන සේක. තම පියාණන් වෙතට තමා යන බව යේසුස්වහන්සේ මරියාට කී සේක (17 පදය). එසේම උන්වහන්සේ ගෝලයන් තනි නොකරන බවට ඔවුන්ටද කියා තිබුණි (යොහන් 14:15-18). තම දරුවන් තුළ ජීවත්වන පිණිස දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් එවනු ඇත (ක‍්‍රියා 2:1-13).

දෙවියන්වහන්සේගේ කථාව වෙනස් නොවේ. ඒ කාලයේ මෙන් දැනුත් උන්වහන්සේ පේ‍්‍රම කරන අයව උන්වහන්සේ දන්නා සේක (යොහන් 10:14-15). උන්වහන්සේ අපගේ නම්වලින් අපට ආරාධනා කරන සේක.