බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලීන් තරුණ කාලයේදී ඔහුගේ ජීවිතයේදී ඔහු ළඟ විය යුතු ගුණාංග 12 ක් සටහන් කර ගත්තේය. ඔහු එය මිතුරෙකුට පෙන්වීය. මිතුරා ඔහුට යටහත්කමද ඇතුළත් කරන්න යයි කීවේය. ෆ‍්‍රෑන්ක්ලීන් එයට කැමති විය. ඔහුගේ ලැයිස්තුවේ ඇති කාරණා වලට උපකාර වන නිර්දේශයන් ඔහු ලිවීය. යටහත්කම ගැන අනුගමණය කළ යුතු ආදර්ශය ලෙස ඔහු යේසුස්වහන්සේ යොදා ගත්තේය.

යටහත්කම ගැන පරම ආදර්ශය යේසුස්වහන්සේය. දෙවියන්වහන්සේගේ වචනය අපට පවසන්නේ “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.” (පිලිප්පි 2:5-7).

ශ්‍රේෂ්ඨතම යටහත්කම පෙන්නුම් කළේ යේසුස්වහන්සේය. උන්වහන්සේට සදාකාලයටම දෙවියන්වහන්සේ සමග සිටිය හැකි වුවද උන්වහන්සේ කුරුසියකට කර දීමට කැමති විය. ඒ උන්වහන්සේ පිළිගන්නා සියලු දෙනා උන්වහන්සේගේ අභිමුඛයේ ප‍්‍රීතියට එසවෙන පිණිසය.

අන් අයට සේවය කරමින් අපගේ ස්වර්ගීය පියාණන්ට මෙහෙ කිරීමට අප සිතන විට අපි යේසුස්වහන්සේගේ යටහත්කම අනුගමනය කරන්නෙමු. අන් අයගේ අවශ්‍යතාවයන්ට අප කැපවෙන විට ඇතිවන අලංකාරයේ ඡායාවක් අපට යේසුස්වහන්සේගේ කරුණාවන්තකම තුළින් දැකිය හැකිය.  “මම” තමයි ප‍්‍රථමයා යැයි සිතන අපගේ ලෝකයේ, යටහත්කම ඉලක්ක කිරීම පහසු නැත. නමුත් අපි අපගේ ගැළවුම්කරුවාණන්ගේ පේ‍්‍රමයෙහි ආරක්‍ෂිතව යැපෙන විට උන්වහන්සේ අනුගමණය කිරීමට අවශ්‍ය සියල්ල අපට දෙන සේක.