“පේ‍්‍රම කරන්න සිතේ!”

එම ප‍්‍රකාශය මාගේ දියණියගෙන් පැමිණියේය. ඒ ඇය උදෑසනක සුදානම් වන විටය. ඇය කියන දෙය මට තේරුණේ් නැත . ඇය තම කමිසයට තට්ටුකර පෙන්වුවාය. එය ඥාතියෙකුගෙන් ඇයට ලැබුණු එකකි. එහි ඉදිරිපිට ලියා තිබණේ “පේ‍්‍රම කරන්න සිතේ” යන්නයි. මම ඇයව වැළඳ ගත්තෙමි. ඇය අවංක සිනහාවක් පෑවාය. “ඔබට පේ‍්‍රම කරන්න සිතෙනවා” මම කීවෙමි. ඇගේ සිනහාව තවත් වැඩි විය. ඇය පැන පැන යන ගමන් එම වචනය නැවත නැවත කීවාය.

මම සම්පූර්ණ පියෙකු බව කිව නොහැකිය. නමුත් එම මොහොත සර්ව සම්පූර්ණය. එම ක්‍ෂණික අලංකාර වචන හුවමාරුවේදී කොන්දේසි විරහිත පේ‍්‍රමය ලැබීම කෙසේදැයි ඇයගේ බැබළෙන මුහුණෙන් මම දුටුවෙමි. එය සන්තුෂ්ටියේ ඡායාරූපයකි. තම පියාගේ සිතෙහි ඇය ගැන ඇති හැඟීම තම කමිසයේ ඇති වචන සමඟ සැසඳෙන බව ඇය දැන සිටියාය.

සීමා නැති පේ‍්‍රමයකින් අපට පේ‍්‍රමකරන පියෙකු අපට සිටින බව අප කී දෙනෙකු අපගේ සිත්වලින් දන්නවාද? සමහර විට අප සත්‍යය සමඟ අරගල කරන්නෙමු. ඉශ‍්‍රායෙල්වරුද එසේ කළෝය. ඔවුන්ගේ පරීක්‍ෂාවන් දෙවියන්වහන්සේ තමන්ට පේ‍්‍රම නොකරන නිසාදැයි ඔව්හු කල්පනා කළෝය. නමුත් යෙරෙමියා 31:3 හි අනාගතවක්තෘ ඔවුන්ට මතක් කරන්නේ දෙවියන්වහන්සේ අතීතයෙහි ඔවුන්ට කී දෙයකි. “සදාකාල පේ‍්‍රමයකින් නුඹට පේ‍්‍රම කළෙමි”. අපද එවැනි කොන්දේසි විරහිත පේ‍්‍රමයක් ලැබීමට ආශා වෙමු. නමුත් සිත් තැවුල්, කලකිරීම්, සහ වැරදි අපි අත්දකිමු. එවිට අපට පේ‍්‍රම කරනු ලබන්නේ යයි කිසිසේත් අප සිත්නේ නැත. නමුත් දෙවියන්වහන්සේ තම දෑත් විවෘත කරන සේක. ඒවා පියෙකුගේ සම්පූර්ණ දෑත්ය. උන්වහන්සේගේ පේ‍්‍රමයේ නිවාඩු ගන්න යැයි උන්වහන්සේ අපට ඇරයුම් කරන සේක.