නිවාඩු කාලයේදී මාගේ ස්වමිපුරුෂයාත් මාත් ජෝර්ජියාවේ චැටහූකි ගඟේ පාරු සංචාරයක් සඳහා නම් දුනිමු. මා ගෙන ගියේ අව් රශ්මියට ඔරොත්තු දෙන ඇඳුමක්, සෙරෙප්පු සහ විශාල වාටි ඇති තොප්පියක් පමණි. නමුත් දැන්වීමේ තිබුණේ නැති කැළඹිලි සහිත ගඟක රබර් බෝට්ටුවක යාමටද අපට තිබුණි. ඔව්හු මාගේ ස්වාමි පුරුෂයාට බෝට්ටුව පදින ආකාරය ඉගැන්වීය. අපව ආරක්‍ෂා කරන බව පැවසීය. මාගේ ආරක්‍ෂිත කබායට මම ස්තුතිවන්ත වීමි. ගඟේ මඩ ඇති පහළ කොටසට යන තුරු මම බෝට්ටුවේ අයින තදින් අල්ලා ගෙන සිටියෙමි. මම ඉවුරට බැස පසුම්බියේ තිබු ජලය ගසා දැමීමි. තෙමුණු ඇඳුමෙන් ජලය මිරිකා දැමීමට මාගේ ස්වාමි පුරුෂයා උදව් කළේය. දැන්වීමේ තිබුණාට වඩා වෙනස් වුවද අපි සතුටින් සිනහ සුණෙමු.

සංචාර පත‍්‍රිකාවේ විශේෂ විස්තරයක් පැහැදිළිවම මඟ හැරී තිබුණි. නමුත් යේසුස්වහන්සේ ගමනේ රළු ජලය තිබෙන බව ගෝලයන්ට හොඳින්ම කියා තිබුණි. උන්වහන්සේව මරණු ලබන බවත් එහෙත් නැවත නැගිටින බවත් ඔවුන් පීඩාවට හසුවන බවත් ඔවුන්ට දන්වා තිබුණි. උන්වහන්සේ තමන්වහන්සේගේ විශ්වාසනීයභාවය ඔවුන්ට ස්ථිර කර තිබුණි. එසේම උන්වහන්සේ ඔවුන්ව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි ජයග‍්‍රහණයක් සහ සදාකාලික බලාපොරොත්තුවක් දෙසට ගෙන ගිය සේක (යොහන් 16:16-33).

යේසුස්වහන්සේ අනුගමනය කරන විට ජීවිතය පහසු නම් හොඳය. නමුත් උන්වහන්සේ ගෝලයන්ට පැහැදිලි කළේ කරදර එන බවය. උන්වහන්සේ අප සමඟ සිටීමට පොරොන්දු වූ සේක. පරීක්‍ෂාවන් දෙවියන්වහන්සේ අපට තබා ඇති සැළසුම සීමා කරන්නේ හෝ විනාශ කරන්නේ හෝ නැත. ඊට හේතුව යේසුස්වහන්සේගේ නැවත නැගිටීම අපව සදාකාල ජයග‍්‍රහණය වෙතට තල්ලු කර තිබීමය.