මම මෙම අවුලට වැටුණා. මමම මේකෙන් ගොඩ එන්න ඕනෑ. සමහර විට මම එසේ කල්පනා කරමි. මම අනුග‍්‍රහයේ දෙවි කෙනෙකු විශ්වාස කළද සමහර විට මා ක‍්‍රියා කරන්නේ මා සුදුසු නම් පමණක් මට උන්වහන්සේගේ උපකාරය ලැබේ යයි සිතාගෙනය.

එය කෙතරම් අසත්‍යද යන්න යාකොබ්ට දෙවියන්වහන්සේ මුල් අවස්ථාවේ මුණ ගැසුණු ආකාරයෙන් පෙනේ.

යාකොබ් තම ජීවිත මඟ වෙනස් කර ගැනීමට ජීවිත කාලයම පාහේ ගත කළේය. යාකොබ් ඉපදුනේ පවුලේ දෙවෙනියා ලෙසය. ඔහු ඉපදුන කාලයේ සාමාන්‍යයෙන් පළමු පුත‍්‍රයාට පියාගේ ආශීර්වාදය ලැබෙන යුගයකි. ප‍්‍රථම පුත‍්‍රයාගේ අනාගතය ස්ථිරය.

ඒහෙයින් පියාගේ ආශීර්වාදය කෙසේ හෝ ගැනීම පිණිස යාකොබ් ක‍්‍රියා කළේය. කෙසේ හෝ ඔහු සාර්ථක විය. ඒ කපටිකමෙනි. ඒ ඔහුගේ සහෝදරයාට යා යුතුවූ ආශීර්වාදය (උත්පත්ති 27:19-29) ගැනීමෙනි.

නුමුත් එහි මිළය වූයේ බෙදුණ පවුලකි. ඒ යාකොබ් තම කෝපාවිෂ්ඨවූ සහෝදරයාගෙන් පැන ගිය අවස්ථාවේය (41-43 පද). රාත‍්‍රිය පැමිණි විට (28:11) යාකොබ්ට හැඟුණේ තමා ආශීර්වාද ජීවිතයකින් බොහෝ ඈත සිටින බවය.

නමුත් ආශීර්වාදය එහි විය. රැවටිල්ලේ මාර්ගයක් පසුකළ යාකොබ්ට දෙවියන්වහන්සේ හමුවිය. ආශීර්වාද ලැබීමට දරුණු සැළසුම් අවශ්‍ය නැති බව දෙවියන්වහන්සේ ඔහුට පෙන්විය. ඔහුට දැනටම එය ලැබී තිබුණි. ඔහුගේ ගමනාන්තය ද්‍රව්‍යාත්මක සමෘද්ධියට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ විය (14 පදය). එය අල්ලා ගෙන සිටියේ ඔහුව කිසිසේත් අත් නාරින තැනැන්වහන්සේය (15 පදය).

එම පාඩම ඉගෙනීමට යාකොබ් මුළු ජීවිතය ගත කරනු ඇත.

අපද එසේමය. අප තුළ කෙතරම් සිත් තැවුල් තිබුණද දෙවියන්වහන්සේ දුරයයි කෙතරම් සිතුනද උන්වහන්සේ තවමත් එහි සිටින සේක. උන්වහන්සේ අපව මෘදු ලෙසින් අපගේ අවුලෙන් පිටතට ගන්නා සේක.