“බටහිර අයට ඔරලෝසු ඇත. අප‍්‍රිකානුවන්ට වේලාව ඇත” කියා අප‍්‍රිකානු ප‍්‍රස්ථා පිරුළක් ඇතැයි ඔස් ගිනොස් “අසීරු සෙනඟ” නැමැති තම පොතෙහි පවසන්නේය. “මට වෙලාව නැතැයි” කියමින් මා සමහර ආයාචනාවන්ට පිළිතුරු දුන් අයුරු කල්පනා කිරීමට එය මා පෙළඹවීය. අත්‍යවශ්‍ය දේවල් ඒකාධිපතිකමින් මා බැඳ දමා තිබීම ගැනත් නියමිත දිනයන්ට නිම කළ යුතු කාරණා මාගේ ජීවිතය පාලනය කරන ආකාරය ගැනත් මම කල්පනා කළෙමි.

ගීතාවලිය 90 හි මෝසෙස් යාච්ඤා කළේ “ඥානවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව” (12 පදය) කියාය. පාවුල් ලීවේ “ප‍්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන දවස් නපුරු බැවින් ප‍්‍රස්ථාව අල්ලා ගන්න” (එපීස 5:15-16) කියාය.

කාලය ඥානවන්තව භාවිතා කිරීම යනු ඔරලෝසුව දෙස බල බලා සිටීම නොවන බවට පාවුල් සහ මෝසෙස් එකඟවනු ඇතැයි මම අනුමාන කරමි. අවස්ථාව අනුව අපගේ කාල සටහන එසේම තබා ගැනිමට හෝ අපගේ වේලාව නැමති ත්‍යාගය තව කෙනෙකු වෙත යොමු කිරීමට හෝ සමහර විට අපට සිදුවනු ඇත.

අපගේ ලෝකයේ ක‍්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් වෙනසක් කිරීමට අපට ඇත්තේ කෙටි කාලයකි. අප එම අවස්ථාව උපරිමයෙන් භාවිතා කළ යුතුය. ඉන් අර්ථවත් විය හැක්කේ අපගේ සැළසුම් සහ ඔරලෝසු මදකට පසෙකින් තබා අපගේ ජීවිත වෙත උන්වහන්සේ ගෙන එන අයට ක‍්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමේ පේ‍්‍රමය පෙන්වීම වේ.

වේලාව නොබලා පේ‍්‍රම කළ යේසුස්වහන්සේගේ අනුග‍්‍රහයෙන් සහ ශක්තියෙන් අප ජීවත් වන විට අපගේ කාලයෙන් අපි සදාකාලයට බලපෑමක් කරන්නෙමු.