රාත‍්‍රී භෝජනයක් අවස්ථාවේදී බිලි ග‍්‍රැහැම් අසළම අසුන් ගැනීමට හැකිවීම මට කිසිදා අමතක නොවේ. මට ඉන් ගරුත්වයක් හැඟුණි. නමුත් කිව යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඔහුගේ සේවා කාලයේදී ඔහු ආශා කළේ කුමටදැයි ඇසීම වැදගත් වනු ඇතැයි මම කල්පනා කළෙමි. ඉන්පසු ඔහු දෙනු ඇතැයි මා සිතන පිළිතුරු යෝජනා කළෙමි. ජනාධිපතිවරුන් සහ රජුන් සමඟ ආශ‍්‍රය, ලොව වටා මිලියන ගණනකට ශුභාරංචිය පැවසීම යනාදියයි ඒ.

නමුත් මාගේ යෝජනා ඉදිරිපත් කිරීම අවසන් වීමට පෙර ග‍්‍රැහම් මහතා මාව නැවැත්වීය. “ඒ යේසුස්වහන්සේ සමඟ මගේ සහභාගීත්වයයි. උන්වහන්සේගේ අභිමුඛය දැකීම, උන්වහන්සේගේ ප‍්‍රඥාව උකහා ගැනීම, උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගැනීම, යනාදිය තමයි මට ලැබුණු විශාලම ප‍්‍රීතියන්”. මාගේ සිතට එකෙණෙහිම එය කා වැදුණේ ඔහුගේ පිළිතුර මාගේ පිළිතුර වනු ඇද්දැයි මා නොදැන සිටීමය. අභියෝගය වූයේ මටද එසේ වීමට අවශ්‍ය වූ නිසාය.

තමා ලබාගත් ශ්‍රේෂ්ඨ දේවල් “යේසුස්වහන්සේ දැන ගැනීමේ උතුම්කම” (පිලිප්පි 3:8) නිසා කිසි වටිනාකමක් නැති දේවල් බවට පත්වන්නේ යයි පාවුල් කියන විට ඔහුගේ සිතෙහි තිබෙන්න ඇත්තේද එය විය යුතුය. අප ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ඉලක්කය යේසුස්වහන්සේ සමඟ සහභාගිත්වය නම් ජීවිතය කෙතරම් අර්ථවත් විය හැකිද?