සෑම සෙනසුරාදාවක් මෙන්ම ඊට පෙර රාත‍්‍රියෙහිද මා ආවේ රැ බෝවූ පසුවය. එවිට මගේ වයස අවුරුදු 20 කි. හැකි තරම් වේගයෙන් මම දෙවියන්වහන්සේගෙන් පැන දිවීමි. නමුත් ක්‍ෂණිකව පුදුම සහගත ලෙස එදින මාගේ පියා සභා පාලක ලෙස ක‍්‍රියා කළ සභාවට යාමට මට සිතුණි. මා පාට සේදී තිබුූ කලිසමද හොඳටම ගෙවී තිබූ ටී ෂර්ටයද හැඳ ගතිමි. පරණ සපත්තු දෙකත් දමා ගෙන නගරය හරහා ගියෙමි.

පියා දේශනා කළ දෙය මට මතක නැත. නමුත් මා දැක ඔහු ලැබූ ප‍්‍රීතිය මට අමතක නොවේ. ඔහු මාගේ කරට අත දමා ඔහු දුටු සියල්ලන්ට මා හඳුන්වා දුන්නේය. “මේ මගේ පුතා” ඔහු ආඩම්බරයෙන් කීවේය. ඔහුගේ ප‍්‍රීතිය දෙවියන්වහන්සේගේ ප‍්‍රීතියේ චිත‍්‍රයකි. අද දක්වා එය මාගේ සිතෙහි රැඳී තිබේ.

දෙවියන්වහන්සේ පේ‍්‍රමණීය පියෙකු යන රූපකය බයිබලය පුරා නැවත නැවත මතුවේ. යෙසායා 44 හි අනාගත වක්තෘ අනතුරු ඇඟවීම් අතරතුර පවුලේ පේ‍්‍රමය සම්බන්ධව දෙවියන්වහන්්සේගේ පණිවුඩයක් ප‍්‍රකාශ කරයි.
“පේ‍්‍රමණීය ඉශ‍්‍රායෙලය. මා තෝරාගත් තැනැත්ත” ඔහු කිවේය. “මාගේ ආත්මය නුඹෙන් පැවතෙන්නන් මතත් මාගේ ආශීර්වාදය නුඹේ දරුවන් මතත් වගුරුවන්නෙමි” (2-3 පද) යනුවෙනි. එම පැවතෙන්නන්ගේ ප‍්‍රතිචාරය පවුලේ ආඩම්බරය ප‍්‍රදර්ශනය කරන බව යෙසායා දිටීය. “අප ස්වාමීන්වහන්සේට අයිති යයි සමහරු කියනු ඇත”. තවත් සමහරු ස්වාමින්වහන්සේගේ නාමය ඔවුන්ගේ අත්වල කොටා ගෙන ඇත (5 පදය).

මංමුළාවූ ඉශ‍්‍රායෙලය දෙවියන්වහන්සේට අයිති විය. ඒ මා හදා වඩා ගත් පියාට මා අයිති වූවාක් මෙන්ය. මම කරන කිසි දෙයකින් ඔහුගේ ප්‍රේමය මගෙන් ඉවත් කළ නොහැකි විය. අපගේ ස්වර්ගීය පියාණන්ගේ පේ‍්‍රමයේ ඡායාවක් ඔහු මට දුන්නේය.