පාසැලේ සිට පැමිණි තම දියණියගේ ඉණෙන් පහළ මඩවලින් වැසී තිබෙනවා දැක පුදුමවූ මවක් ගැන මම දිනක් කියවීමි. දියණිය මෙසේ විස්තර කළාය. ඇගේ මිතුරියක් ලිස්සා මඩට වැටී ඇත. එක් මිතුරියක් උපකාර සොයා දිව් අතර උපකාරය සඳහා ගුරුවරියක් පැමිණෙන තුරු ඇගේ දියණිය තුවාල වු තම පාදය අල්ලා ගෙන සිටින මිතුරිය දැක මඩට බැස ඇය සමග වාඩිවී උන්නාය.

යෝබ්ට තම දරුවන් නැතිවී ශරීරය පුරා තුවාල හටගත් විට ඔහුගේ වේදනාව දැරීමට අපහසු විය. ඔහුගේ මිතුරන් තිදෙනෙකුට ඔහුට සහනය දීමට අවශ්‍ය වූ බව බයිබලය පවසයි. ඔව්හූ යෝබ් දුටු විට “ශබ්ද නගා අඬා තම තමුන්ගේ සළු ඉරා ගෙන අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය. මෙසේ ඔව්හූ ? රාත‍්‍රී සතකුත් දහවල් සතකුත් ඔහු සමග බිම ඉඳගෙන උන්නෝය. කිසිවෙක්ද ඔහුට වචනයක් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය මහත් බව ඔව්හු දුටුවෝය” (යෝබ් 2:12-13).

ප‍්‍රථමයෙන් යෝබ්ගේ මිතුරෝ පුදුමාකාර තේරුම් ගැනීමක් පෙන්නුම් කළෝය. ඔහු සමග වාඩිවී දුක් වීමට යමෙකු අවශ්‍ය බව ඔවුන් දැන ගත්තෝය. ඊළඟ පරිච්ඡේද වලදී මිතුරන් තුන්දෙනා කථා කිරීම ඇරඹුවෝය. නුමුත් පරස්පරය නම් මිතුරෝ කථා කරද්දී ඔවුන් යෝබ්ට වැරදි අවවාද දීමය (16:1-4).

බොහෝ විට දුක් විඳින මිතුරෙකුට අපට කළ හැකි හොඳම දෙය ඔහුගේ වේදනාවේදී ඔහු සමග සිටීමය.