බොහෝ වසර ගණනාවක්ම මම බි‍්‍රතාන්‍ය ගත්කතු ජී. කේ චෙස්ටර්ටන්ගේ ලියවිලිවලට ආශා කරමින් සිටිමි. ඔහුගේ හාස්‍යය සහ ගැඹුර බොහෝ විට පළමුවෙන් සිනහවක් උපදවන්නේය. නමුත් ඉන්පසු බැරෑරුම් ලෙස කල්පනා කිරීමට මා පොළඹවන්නේය. උදාහරණයක් ලෙස ඔබ “ආහාරයට පෙර ස්තුති කරයි. මම ක‍්‍රීඩාවට, නාට්‍යයට, සංදර්ශනයට, හාස්‍ය රඟපෑමට, පොතක් විවෘත කිරීමට පෙර, චිත‍්‍ර ඇඳීමට පෙර, පිහිනීමට, බොක්සිං ගැසීමට, ඇවිදීමට, නැටීමට, තීන්ත බෝතලයට පෑන දැමීමට පෙරද ස්තුති කිරීමේ යාච්ඤාව කියමියි ඔහු කියයි.

සෑම ආහාර ගැනීමකට පෙරම ස්වාමින්ට ස්තුති කිරීම අපට හොඳය. නුමුත් එය එතැනින් නතර නොවිය යුතු වන්නේය. අපෝස්තුළු පාවුල් සෑම ක‍්‍රියාවක්ම සැම උත්සාහයක්ම ස්තුති කළ යුතු දෙයක් ලෙසත් උන්වහන්සේගේ ගෞරවයට කළ යුතු දෙයක් ලෙසත් දිටීය. “නුඹලා වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් මොකක් කරතත් සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින් උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තූති කරන්න” (කොලොස්සි 3:17). විනෝදය රැකියාව සහ අධ්‍යාපනය යනාදිය අපට ස්වාමින්වහන්සේට ගරු කර අපගේ කෘතඥතාවය පළ කළ හැකි මාර්ගයන්ය.

පාවුල් කොලොස්සියේ ඇදහිලිවතුන් දිරිමත් කළේ “ක‍්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවනු ලැබූවහුය. ස්තුතිවන්තවද සිටින්න” (15 පදය) යනුවෙනි.

“ස්තූති කිරීමට” හොඳම ස්ථානය – ඕනෑම තැනක ඕනෑම වේලාවක උන්වහන්සේට ගරු කිරීමටද ස්තුති කිරීමටද අපට පුළුවන.