අංශභාගයෙන් මොළයට වූ බලපෑමක් නිසා පිරිමි දරුවෙකුට උපතින්ම කථා කිරීමට හෝ සංනිවේදනය කිරීමට නොහැකි විය. නමුත් ඔහුගේ මව වන චැන්ටල් බ‍්‍රයන් කිසිවිටෙක ඔහුව අත්හැරියේ නැත. ඔහුට වයස අවුරුදු 10 දී අකුරු ලෑල්ලක් සහ ඇස් සංඥා උපයෝගී කර ගනිමින් ඇය ඔහු සමග සංනිවේදනය ඇරඹීය. මේ සොයා ගනීමෙන් පසු ඇය කීවේ දැන් ඔහුගේ අගුල් විවර වී ඇති බවත් ඔහුගෙන් ඕනෑම දෙයක් ඇසිය හැකි බවත්ය. දැන් ජොනතන් ඇස් වලින් සංනිවේදනය කරමින් කවි ඇතුලුව නොයෙක් දේ ලියයි. කියවයි. තම පවුල සහ මිතුරන් සමග කථා කිරීමට ඇති හැකියාව ගැන ඔහු සිතන්නේ කුමක්දැයි ඇසු විට ඔහු කීවේ “ඔවුන්ට මම පේ‍්‍රම කරන බව කීම ඉතා අගනේය” යන්නයි.

ජොනතන්ගේ කථාව සිත් සසල කරයි. දෙවියන්වහන්සේ පාපය නැමති සිරගෙයින් අප නිදහස් කරන ආකාරය ගැන සිතීමට මට මග පෙන්වයි. කොලොස්සියේ සිටින කිතුනුවන්ට පාවුල් ලියන ලෙස වරක් අප දෙවියන්වහන්සේගෙන් “ඈත්ව” (කොලොස්සි 1:21) සිටියෙමුව. නපුරු හැසිරීම් අපව උන්වහන්සේගේ සතුරන් බවට පත් කර තිබුණි. නමුත් ක‍්‍රිස්තුස්වහන්සේ කුරුසියේ කළ පුජාව තුළින් දැන් අප උන්වහන්සේගේ “ඇස් හමුවෙහි ශුද්ධ (22 පදය) බවට පත් කර තිබේ. දැන් අපට ඵල දරමින් දෙවියන්වහන්සේ ගැන දැනගැන්මෙන් වර්ධනය වී උන්වහන්සේගේ බලය තුළ ශක්තිමත්වී “ස්වාමින්වහන්සේ පිළිගන්නා ජීවිතයක්” ගත කළ හැකිය (10-11 පද).

අගුල් විවර වූ අපගේ හඬවල් වලින් දෙවියන්වහන්සේ පැසසීමටද ශුභාරංචිය පැවසීමටද අපට පුළුවන. අප තවදුරටත් පාපයෙන් බැඳී නැත. අපගේ ඇදහිල්ලෙන් ඉදිරියට යන විට ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ බලාපොරොත්තුව අල්ලා ගෙන සිටීමට අපට හැකි වන්නේය.