විද්‍යාලයේදී එක් දිනක් මම අවදිවුයේ මාගේ කාමරයේ මිතුරියක වන කැරල් කලබලයෙන් සිටින වෙලාවකය. ඇගේ වටිනා මුද්දක් නැතිවී තිබුණී. අපි සෑම තැනම සෙවුවෙමු. ඊළඟ උදයේ අපි කුණු බාල්දියක් ඇවිස්සීමු. මම කුණු බාල්දිය ඉරා බැලීමි. “ඔයා මේක හොයන්න සෑහෙන්න කැපවෙනවා”.

“ඩොලර් 200 ක් වටිනා මුද්දක් නැති කර ගන්න මම කැමති නැහැ” ඇය තදින් කීවාය.

කැරල්ගේ අධිෂ්ඨානය මට මතක් කරන්නේ ස්වර්ග රාජ්‍යය ගැන යේසුස්වහන්සේ කී උපමාවය. “එය කුඹුරක සඟවා ඇති නිධානයක් මෙනි. එය හමුවූ අයෙක් එය නැවත එහිම සඟවා ඔහු සතුව තිබු සියල්ල ප‍්‍රීතියෙන් විකුණා එම කුඹුර මිළයට ගත්තේය” (මතෙව් 13:44). සමහර දේවල් සොයා ගැනීමට බොහෝ දුරක් යෑම වටින්නේය.

දෙවියන්වහන්සේ සොයන්නන්ට උන්වහන්සේ හමුවන බව බයිබලය පුරාම උන්වහන්සේ පොරොන්දු වන සේක. ද්වීතීය කථාවෙහි උන්හන්සේ ඉ‍්‍රශ‍්‍රායෙල්වරුන්හට පොරොන්දු වන්නේ ඔවුන් තම පාපයෙන් හැරී මුළු සිතින් උන්වහන්සේ සොයන්නේ නම් ඔවුන්ට උන්වහන්සේ හමුවන බවයි (4:28-29). 2 ලේකම් පොතෙහි ආසා රජුට එවැනිම පොරොන්දුවකින් දිරිය ලැබේ (15:2). යෙරෙමියා පොතෙහි දෙවියන්වහන්සේ එම පොරොන්දුව විශ‍්‍රාමකයින්ට දෙමින් ඔවුන් වහල්කමින් නැවත ගෙනෙන බවට පොරොන්දු වූ සේක (29:13-14).

අපි දෙවියන්වහන්සේව උන්වහන්සේගේ වචනය නමස්කාරය සහ ජීවිතය තුළින් සොයන්නේ නම් අපට උන්වහන්සේ හමුවේ. කාලය ගත වන විට අප උන්වහන්සේ ගැඹුරින් දැන ගන්නෙමු. එම මොහොත කැරල් තම රන් මුදුව කුණු බාල්දියෙන් සොයා ගත් මොහොතට වඩා අනර්ඝ මොහොතක් වන්නේය.