මාගේ දරුවන් සහ මම දිනපතා නින්දට යාමට පෙර එක් දෙයක් කරන්නෙමු. අපි පාට පැන්සල් එකතු කර ඉටිපන්දමක් දල්වන්නෙමු. අපගේ මාර්ගය ආලෝකමත් කරන්න යයි දෙවියන්වහන්සේට කියන්නෙමු. අපගේ දිනපොත් ගෙන ප‍්‍රශ්න දෙකකට පිලිතුරු ලියන්නෙමු. අද මම පේ‍්‍රමය පෙන්වූයේ කුමණ වේලාවකද? පේ‍්‍රමය නොපෙන්වූයේ කොයි වේලාවේද?

අසල්වැසියන්ට පේ‍්‍රම කිරීම කිතුණු ජීවිතයේ වැදගත් කොටසක් වී ඇත. ඒ “පටන්ගැන්මේදී” සිටය (2 යොහන් 1:5). තම සමුහනයට යොහාන් ලියන්නේ එයයි. දෙවියන්වහන්සේට කීකරුව එකිනෙකාට පේ‍්‍රම කරන්න යයි ඔහු තම දෙවන ලිපියෙහි සඳහන් කරයි (2 යොහන් 1:5-6). තම ලිපි පුරාවටම යොහාන් කැමතිම විෂයක් නම් පේ‍්‍රමයයි. අප සත්‍යයට අයත් වන බවත් දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සිටින බවත් දැනගත හැකි එක් මගක් නම් සත්‍ය පේ‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම වේ (1 යොහන් 3:18-19). මාගේ දරුවන් සහ මම නැවත සිතා බලන විට අපට පෙනෙන දෙයක් නම් කුඩා දේවල් පවා අපට පේ‍්‍රමය පෙන්වන බවයි. එක කුඩයකින් ගමන් කිරීම, දුකෙන් සිටින කෙනෙක් දිරිමත් කිරීම, කැමති කැමක් පිසීම යනාදියයි. අපි පේ‍්‍රමය නොදක්වන මොහොතවල්ද ප‍්‍රායෝගිකය. අපි ඕපාදුප කියමු. යමක් බෙදා ගැනීමට අකමැති වෙමු. අන් අයගේ අවශ්‍යතා නොසලකා අපගේ ආශාවන් තෘප්තිමත් කර ගන්නෙමු.

සෑම රාත‍්‍රියකම අවධානය යොමු කිරීම මගින් සෑම දිනකම කල්පනා කාරී වීමට අපට උපකාරී වේ. අපගේ ජීවිත තුළින් ගමන් කරන විට ශුද්ධාත්මයාණන් අපට පෙන්වන දේවල් ගැන වඩා කල්පනාකාරී වීමට අපට ඒවා වැදගත් වේ. ආත්මයාණන්ගේ උපකාරයෙන් පේ‍්‍රමයෙන් ගමන් කිරීමට අප ඉගෙන ගනිමු (2 යොහන් 1:6).