විශේෂ දිනයක් සැමරීම පිණිස මාගේ ස්වාමිපුරුෂයා මාත් සමග චිත‍්‍රාගාරයකට ගියේය. එහි ගිය පසු මා කැමති චිත‍්‍රයක් තෝ්රා ගන්න යයි ඔහු මට කීවේය. මම චිත‍්‍රයක් තෑග්ගක් ලෙස තෝරා ගත්තෙමි. එහි තිබුණේ වනයක් මැදින් කුඩා ඔයක් ගලා යන ආකාරයයි. ඔයෙහි පතුලෙන් චිත‍්‍රයෙහි වැඩි කොටසක් පිරී තිබුණී. ඒහෙයින් අහස වැඩියෙන් පෙනුණේ නැත. එහෙත් ඔයෙහි ජලයෙහි හිරුගේ ඡායාව මෙන්ම ගස් මුදුන් සහ මීදුම පැහැදිලිව පෙණුනි. අහස බැලීමට ඇති එකම ක‍්‍රමය ඔයෙහි ජලය දෙස බැලීමය.

ආත්මික ලෙසින් යේසුස්වහන්සේද එම ඔය වාගේය. දෙවියන්වහන්සේ කෙලෙසදැයි දැන ගැනීමට අවශ්‍ය වූ විට අපි යේසුස්වහන්සේ දෙස බලමු. හෙබ්‍රෙව් පොතෙහි කතෘ පවසන්නේ උන්වහන්සේ “දෙවියන්වහන්සේගේ …. දේවත්වයේ ස්වරූපය වන සේක” (1:3) කියාය. දෙවියන්වහන්සේ ගැන “දෙවියන්වහන්සේ පේ‍්‍රමයයි” යනාදී වශයෙන් බයිබලයෙන් අපට ඉගෙන ගත හැකි වුවද අපගේ අවබෝධය වැඩි කර ගත හැක්කේ අපට මේ ලෝකයෙහි ඇති ප‍්‍රශ්නවලට දෙවියන්වහන්සේ මුහුණ දෙනු ඇත්තේ කෙසේදැයි අප සිතන විටය. මාශවත්වූ දෙවියන්වහන්සේ ලෙස යේසුස්වහන්සේ අපට පෙන්වා ඇත්තේ එයයි.

පරීක්‍ෂාවේදී යේසුස්වහන්සේ තම ශුද්ධත්වය එළිදරව් කරන සේක. ආත්මික අන්ධකාරයට මුහුණ දුන් සේක. දෙවියන්වහන්සේගේ අධිකාරිත්වය ප‍්‍රදර්ශනය කළ සේක. සෙනගගේ ගැටළු සමග ගැටී උන්වහන්සේගේ ප‍්‍රඥාව පෙන්වූ සේක. උන්වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය පෙන්නූ සේක.

අපට දෙවියන්වහන්සේ පිළිබඳ සියල්ල තේරුම් ගන්නට නොහැකි වුවද උන්වහන්සේ අසමිතය. අපගේ සිතුවිලි සීමාසහිතය. ක‍්‍රිස්තුස්වහන්සේ දෙස බලන විට අපට දෙවියන්වහන්සේගේ චරිතය ස්ථිරව දැන ගතහැකිය.