ටෙක්සාස්හී ඔස්ටීන් නගරයෙහි හෝටලයක සිටින අතර මාගේ කාමරයේ මේසයක් මත තිබූ කාඩ්පතක් මම දුටුවෙමි. එහි මෙසේ සඳහන් වූයේය.

අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.
අපගේ යාච්ඤාව නම් ඔබ මෙහි සිටින විට
විශ‍්‍රාමයෙන් සිටීමත් ඔබගේ ගමන් සඵලවත් වීමත්ය.
ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ආරක්‍ෂා කර
උන්වහන්සේගේ මුහුණ ඔබ කෙරෙහි බබළවන සේක්වා!

හෝටලය කළමනාකරණය කරන ආයතනයේ එම කාඩ්පත නිසා ඔවුන් ගැන තවදුරටත් දැන ගැනීමට මා හට පෙළඹවීමක් පැමිණීයේය. එහෙයින් මම අන්තර්ජාලයට ගොස් ඔවුන්ගේ සංස්කෘතිය ශක්තීන් සහ වටිනාකම ගැන කියවීමි. සිත්ගන්නා සුළු ක‍්‍රමයකට ඔව්හූ විශිෂ්ඨත්වය කරා යාමත් ඔවුන් වැඩකරන ස්ථානයෙහි ඇදහිලෙන් ජීවත්වීමත් බලාපොරොත්තු වේ.

ඔවුන්ගේ දර්ශනය මට මතක් කලේ සුළු ආසියාවේ විසිර සිටි යේසුස්වහන්සේගේ අනුගාමිකයන් හට ලබා දුන් පේතෘස්ගේ වචනයයි. ඔවුන් සිටින සමාජයේ ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ඇදිහිල්ල ක‍්‍රියාත්මක කරන්න යයි ඔහු ඔවුන්ට පවසයි. ඔවුන් තර්ජන සහ පීඩාවට මුහුණ දුන්නද පේතෘස් ඔවුන්ට කියන්නේ බිය නොවන්න කියාය. “නුඹලාගේ සිත් වලින් ස්වාමින්වහන්සේ කොට ක‍්‍රිස්තුස්වහන්සේට ගෞරව කරන්න. නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටින්න. නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කල යුතුය” (1 පේත‍්‍රෑස් 3:15) යනුවෙනි.

මාගේ මිතුරෙකු මෙය හඳුන්වන්නේ “විස්තරයක් බලාපොරොත්තු වන ජීවිත රටාවක්” කියාය. අප කොහේ ජීවත් වුනත් සේවය කළත් දෙවියන්වහන්සේගේ ඇදහිල්ලෙන් අපි අපගේ ඇදහිල්ල තුළ ජීවත් වෙමු. අපගේ බලාපොරොත්තුව ගැන අසන සියල්ලන්ට මෘදු ලෙසින් සහ ගෞරවයෙන් උත්තර දෙන්නට සුදානම්ව සිටිමු.