සේවියර්ට වයස දෙකෙහිදී දිනක් අපි සපත්තු සාප්පුවකට ගියෙමු. ඔහු සපත්තු පෙට්ටි ගොන්නක් පිටුපස සැඟවුණී. “මට ඔබව පෙනෙනවා” කියා මාගේ ස්වාමි පුරුෂයා වන ඇලන් කී විට සේවියර් සිනහසුණේය. විනාඩි කිහිපයකට පසු ඇලන් සේවියර්ගේ නම කියමින් එහේ මෙහේ දිවීමට පටන් ගත්තේය. අපි සාප්පුවේ ඉදිරියට ගියෙමු. අපගේ දරුවා වාහනවලින් පිරී පාරට විවෘතව තිබු ඉදිරිපස දොරටුව දෙසට සිනහසෙමින් දිව ආවේය.

තප්පර කිහිපයකින් ඇලන් ඔහුව ඔසවා ගත්තේය. අපි දෙවියන්වහන්සේට තුති කළෙමු. දරුවාගේ කම්මුල් සිප ගත්තෙමු.

සේවියර් ලැබෙන්න වසරකට පෙර ගර්භණී කාලයේදී අපගේ ප‍්‍රථම දරුවා අපට නැතිවුණි. දෙවියන්වහන්සේ අපගේ පුත‍්‍රයා දුන් විට මා බියෙන් පිරි මවක් වීමි. අප ලැබුවාවූ සපත්තු සාප්පු අත්දැකීම මට පෙන්වූයේ අපගේ දරුවා සැමවිට දකින්න හෝ ආරක්‍ෂා කිරීමට අපට නොහැකි වන බවය. නමුත් මම කණස්සල්ල සහ බිය සමග අරගල කරන විටදී මට උපකාර කරන එකම මූලාශ‍්‍රය වෙත හැරීමට මා ඉගෙන ගත් විට මට සමාදානයක් ලැබුණී.

අපගේ ස්වර්ගීය පියාණෝ කිසි විටෙක තමන්වහන්සේගේ ඇස් තම දරුවන්ගෙන් ඉවතට නොගන්නා සේක (ගීතාවලිය 121:1-4). අපට පරීක්‍ෂාවන් සිත් බිඳීම් හෝ අලාභයන් මග හැරීමට නොහැකි වුවද අපට ස්ථිර ඇදහිල්ලෙන් ජීවත්විය හැකිය. ඒ අපගේ ජීවිත සෑම විටම ආරක්‍ෂා කරන උපකාරයාණන් සහ රැකවලාණන් මත යැපීමෙනි (5-8) .

අප නැතිවී ඇතැයි අසරණ වී ඇතැයි සිතෙන දවස් අපට එන්නේය. අපගේ ප‍්‍රීයයන් ආරක්‍ෂා කිරීමට නොහැකි වන විට අප අසරණ යයි අපට දැනෙනු ඇත. නමුත් සියල්ල දන්නා අපගේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනගි සහ පේ‍්‍රමණීය දරුවන් වන අප වෙත ඇති බැල්ම අත් නොහරින බව අපට විශ්වාස කළ හැකිය.