“මාගේ සම්පූර්ණ ලෝකය” යන මාතෘකාව යටතෙහි රචනාවක් ලියන්න යයි කේටීට පංතියේදී කියා තිබුණි. “මාගේ සම්පූර්ණ ලෝකයේ අයිස් ක්‍රීම් නොමිලේ දෙනු ලැබේ. ලොලිපොප් සෑම තැනම තිබේ. අහස සෑම විටම නිල් පාටය. වලාකුල් කිහිපයක් පමණක් හැඩ වලින් ඇත”. ඉන්පසු ඇගේ රචනාව ගැඹුුරු ස්වභාවයකට යයි.

“කිසිවෙක් නිවසට නරක ආරංචි ගෙනෙන්නේ නැත. එසේම කිසිවෙකුට නරක ආරංචියක් දීමට සිදුවන්නේද නැත”.

කිසිවෙක් නිවසට නරක ආරංචියක් ගෙනෙන්නේ නැත. එය මනහර නොවේද? එම වචන පෙන්නුම් කරන්නේ යේසුස්වහන්සේ කෙරෙහි අපට ඇති අචල විශ්වාසයයි. උන්වහන්සේ “සියල්ල අලුත් කරන සේක”. අපගේ ශෝකය වෙනස් කර සුව කරන සේක (එළිදරව් 21:5).

පාරාදීසය වනාහි “තවත් නැත” යන තැනක් බවට පත්වේ. කිසි නනපුරක් නැත. මරණ නැත. තවත් දුක නැත. වේදනාව නැත. කඳුළු නැත (4 පදය). එය දෙවියන්වහන්සේ සමග සම්පූර්ණ සහභාගිකමේ ස්ථානයකි. උන්වහන්සේ තමන්වහන්සේගේ ප්‍රේමයෙන් ඇදහිලිවතුන් උන්වහන්සේට අයිති කර ගෙන ඇත (3 පදය). කෙතරම් මනහර ප්‍රීතියක් අප වෙනුවෙන් තබා ඇද්ද?

අපට එම සම්පූර්ණ යථාර්ථයේ පෙර රසයක් මෙහිදී දැන් දැනගත හැකිය. දිනපතා අප දෙවියන්වහන්සේ සමග සහභාගීත්වය සොයන විට අපට උන්වහන්සේගේ අභිමුඛය අත් දැකිය හැකිය (කොලොස්සි 1:12-13) . අප පාපයට එරෙහිව අරගල කරන විට අර්ධ වශයෙන් අප අත් දකින්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ඇති ජයග්‍රහණයයි (2:13-15). ඒ පාපය සහ මරණය සම්පූර්ණයෙන් පරාජය කළ තැනැන්වහන්සේ තුළය.