අප මෑතකදී අපගේ මුණුපුරන් සමග සංචාරයක් කළෙමු. ෆ්ලොරිඩාවේදී රාජාලි පවුලක් වෙත යොමුවූ වෙබ් කැමරා දර්ශන බලා සතුටු වීමු. සෑමදාම අපි මව් කිරිල්ලිය පියා සහ පැටවා පොළොවට ඉහළ ඔවුන්ගේ කූඩුවේ ජීවත්වන ආකාරය නැරඹුවෙමු. සෑම දිනම දෙමව්පියෝ තම පැටවාට අඛණ්ඩ ආරක්‍ෂාවද පෝෂණය පිණිස අසළ ගඟකින් මාළුන්ද ගෙනත් දුන්නෝය.

මෙම රාජාලි පවුල අපට ගීතිකාකරු 104 වැනි ගීතිකාවේ පැහැදිළි කරන දෙවියන්වහන්සේගේ තේජවත් මැවිල්ල පිළිබඳ රූපකාය මතක් කරයි. ඒ දෙවියන්වහන්සේගේ නිර්මාණශීලී හස්තයේ ක්‍රියාවන් ගැන දර්ශනයයි.

මැවිල්ල විශ්වයට සම්බන්ධවන විට අප දෙවියන්වහන්සේගේ තේජස් මහිමය දකිමු (2-4 පද).

අප පෘථිවියෙහි මැවීම – ජලය, කඳු සහ මිටියාවත් අත් දකිමු (5-9 පද).

දෙවියන්වහන්සේ දුන්නාවූ සතුන්, කුරුල්ලන් සහ ශාඛ (10-18 පද) ගැන සතුටු වෙමු.

දෙවියන්වහන්සේ අපගේ ලෝකයේ මවා ඇති කාලයන් – උදෑසන /රාත්‍රිය /ආලෝකය, වැඩ / නිවාඩු ගැන පුදුම වෙමු (19-23 පද).

අපගේ සතුට සහ උන්වහන්සේගේ මහිමය සඳහා දෙවියන්වහන්සේ තම හස්තයෙන් සකසා ඇති මහිමවත් ලෝකය දෙස බලන්න. “මාගේ ආත්මය දෙවියන්වහන්සේ පසසව!” (1 පදය) . අගය කිරීමටද භුක්ති විඳීමටද දෙවියන්වහන්සේ අපට දී ඇති සැම දෙයක් ගැනම අපට ස්තුතිවන්ත විය හැකිය.