ලෝරාගේ මව පිළිකා රෝගය සමග සටන් කරමින් සිටියාය. දිනක් ලෝරා මිතුරියක් සමග තම මව ගැන යාච්ඤා කළාය. මොළයේ ආබාධිත තත්ත්වයකින් වසර ගණනාවක් රෝගීව සිටින ලෝරාගේ මව ගැන ඇගේ මිතුරිය යාච්ඤා කළේ “ස්වාමිනී ඔබවහන්සේ මා වෙනුවෙන් සෑම දෙයක් කරන සේක. ලෝරාගේ මව වෙනුවෙන්ද සෑම දෙයක් කරන්න” යනුවෙනි.

තම මිතුරියගේ “යැපීමේ ප‍්‍රකාශය” ලෝරාගේ සිතේ ගැඹුර ස්පර්ශ කලේය. ඇය එම මොහොත ගැන නැවත සිතා බලා පැවසුවේ “සෑම දෙයකදීම දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවය මම කී වරක් පිළිගෙන තිබේද? මම එය සෑම දිනම කළ යුතු වෙමි” කියාය.

ලෝකයේ සිටි සෑම දිනකදීම යේසුස්වහන්සේ ස්වර්ගීය පියාණන් කෙරෙහි යැපීම නිරතුරුව ප‍්‍රදර්ශනය කළ සේක. යේසුස් වහන්සේ මනුෂ්‍ය ශරීරයක් සහිතවූ දෙවියන්වහන්සේ නිසා උන්වහන්සේට ස්වයංපූරිත වීමට අවශ්‍ය සියල්ල තිබුණේ යයි යමෙකු සිතනවා විය හැකිය. නමුත් උන්වහන්සේ කෙනෙක්ව සබත් දිනයේදී සුවකල විට සබත් දවසේ වැඩ කිරීම ගැන ආගමික නායකයන් හේතුවක් ඉල්ලූ විට උන්වහන්සේ දැක්වූ ප‍්‍රතිචාරය නම්
“සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි. පියාණන්වහන්සේ යමක් කරනවා පුත‍්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත‍්‍රයාත් ඒ දේ එසේම කරන්නේය” (යොහාන් 5:19) යනුවෙනි. යේසුස්වහන්සේද තම යැපීම ප‍්‍රකාශ කළ සේක.

යේසුස්වහන්සේ පියාණන් මත යැපීම දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවෙන් ජීවත්වීම යනු කුමක්දැයි යන්න ගැන පරම උදාහරණයක් අපට දෙයි. අප ගන්න සෑම හුස්මක්ම දෙවියන්වහන්සේගේ ත්‍යාගයකි. අපගේ ජීවිත උන්වහන්සේගේ ශක්තියෙන් පිරීම උන්වහන්සේට අවශ්‍ය වේ. උන්වහන්සේට මොහොතින් මොහොත කරන යාච්ඤාවෙන් සහ වචනයෙන් උන්වහන්සේට පේ‍්‍රම කිරීමට සහ සේවය කිරීමට අප ජීවත්වන විට අපි උන්වහන්ෙසේ කෙරෙහි ඇති යැපීම ප‍්‍රකාශ කරන්නෙමු.