මාගේ රට වන මැක්සිකෝවේ ප‍්‍රධාන ආහාරය බඩ ඉරිඟුය. විවිධ වර්ගයේ බඩ ඉරිඟු ඇත. කහ දුඹුරු රතු සහ කළු කරල් තිබේ. එසේම සමහරක් විවිධ පාට තිත් වලින් යුක්තය. නමුත් නගරයේ සිටින ජනතාව මේවා ආහාරයට නොගනිති. පර්යේෂක අමාඩෝ රමිරේශ් විස්තර කරන්නේ සමානකම ගුණාත්මක භාවයට තවත් නමක් බවය. නමුත් තිත් සහිත කරල් හොඳ රසයක් දෙන අතර අනගි කෙක් වර්ගයක් සෑදීමටද ගන්නේය.

ක‍්‍රිස්තුස්වහන්සේගේ සභාව එක් වර්ගයේ බඩ ඉරිඟු හෝ තිත් ඇති බඩ ඉරිඟු වලට වඩා සමානත්වයක් දෙන්නේය. අපෝස්තලූ පාවුල් සභාව විස්තර කිරීමට ශරීරයක රූපකයක් භාවිතා කරයි. ඊට හේතුව අප එක ශරීරයක් වුවද අපට එකම දෙවියන්වහන්සේ සිටියද අප එකිනෙකාට ආවේනික දීමනාවක් දී ඇත කියාය. පාවුල් කියන ලෙස “නානාප‍්‍රකාර ක‍්‍රියා කිරීම් ඇත්තේය. නමුත් සියල්ලන් තුළෙහි සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය” (1 කොරින්ති 12:5-6). එකිනෙකාට අප උපකාර කරන විවිධත්වය පෙන්වන්නේ දෙවියන්වහන්සේගේ ත්‍යාගශීලිත්වය සහ නිර්මාණශීලිත්වයයි.

අපි අපගේ විවිධත්වය වැළඳ ගන්නා විට ඇදහිල්ලේ සහ අරමුණේ එක්සත්කම රැුක ගැනීමට අප මුළු උත්සාහය දැරිය යුතු වේ. අපට විවිධ හැකියාවන් සහ පසුබිම් තිබේ. අපි විවිධ භාෂා කථා කරන්නෙමු. විවිධ රටවලින් එන්නෙමු. නමුත් අපට එකම මනහර දෙවියන්වහන්සේ කෙනෙක් එනම් විවිධත්වයට ආශා කරන මැවුම්කරුවාණන් කෙනෙක් සිටින්නේය.