ඔබ ගැඹුරු මුහුදට ගොස් ජල සාම්පලයක් ගන්නා සෑම විටම අලුත් ජීව විශේෂ ලැබේ. එසේ කියන්නේ සාගර ජීව විශේෂඥ වෝඞ් ඇපල්ටන්ස්ය. එක් වසරක් තුළ පමණක් විද්‍යාඥයෝ අලූත් විශේෂ ජීවීන් 1451 ක් ගැඹුරු මුහුදෙන් සොයා ගත්තෝය.

යෝබ් 38-40 වන පරිච්ඡේදවල යෝබ්ගේ යහපත පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මැවීම පුනරීක්‍ෂණය කළ සේක. එම කාව්‍යමය පරිච්ඡේද තුන තුළ දෙවියන්වහන්සේ කාළගුණය, විශ්වයේ විශාලත්වය සහ එහි වාසස්ථාන වල සිටින විවිධ සතුන් උද්දීපනය කර පෙන්වූ සේක. මේ කාරණා අපටද නිරීක්‍ෂණය කළ හැකිය. ඉන්පසු දෙවියන්වහන්සේ මුළු පරිච්ඡේදක් තුළ අභිරහස් ලෙවියාතන් ගැන කථා කළ සේක. ලෙවියාතන් වෙන කිසි සත්වයෙකුට සමාන කළ නොහැකිය. හෙල්ලවලින් ඇණිය නොහැකිය (යෝබ් 41:7 සහ 13). අලංකාර තේජවත් බලය (12 පදය) භයංකාර දත් (14 පදය). කටින් ගිනිදැල් නික්මෙන්නේය. නාස්පුටවලින් දුම් නගින්නේය (19-20 පද). ලෙවියාතන්ට සමාන සත්වයෙක් භූමියෙහි නැත (33 පදය).

එසේ නම් අප දැක නැති දැවැන්ත සත්වයෙක් ගැන දෙවියන්වහන්සේ කථා කරන්නේද? යෝබ් 41 හි ප‍්‍රධාන කාරණය එයද?

නැත! යෝබ් 41 දෙවියන්වහන්සේගේ විශ්මය දනවන චරිතය පිළිබඳ අපගේ අවබෝධය වැඩි කරන්නේය. ගීතිකාකරු “අන්න විශාලවූ මහත්වූ මුහුද… එහි ක‍්‍රීඩා කරන්ට ඔබ සෑදු ලෙවියාතන් එහි සිටී” (ගීතාවලිය 104:25-26) කියා ලියමින් එම අදහස විශාල කරයි. යෝබ්හි ඇති බිය ගෙන දෙන විස්තරයෙන් පසු තමන්වහන්සේගේ භයංකාරම සත්වයාට දෙවියන්වහන්සේ සෙල්ලම් කොටුවක් තනන්නේය. ඒ ලෙවියාතන්ගේ ක‍්‍රීඩා නැරඹීමටය.

සාගරය නිරීක්‍ෂණයට අපට වර්තමානය තිබේ. නමුත් අපගේ තේජවන්ත, අභිරහස්, විනෝදජනක දෙවියන් වහන්සේ සොයා දැන ගැනීමට මුලූ සදාකාලයම අපට තිබේ.