ඔබ කණස්සලූ වන්නෙක්ද? මම එසේ වීමි. මම සෑම දිනම පාහේ කණස්සල්ල සමග අරගල කරමි. මම විශාල දේවල් ගැන කණස්සලූවෙමි. කුඩා දේවල් ගැනද කණස්සලු වන්නෙමි. පෙනෙන ලෙස මම සෑම දෙයක් ගැනම කණස්සලු වන්නෙමි. මාගේ යෞවන කාලයෙහි දිනක් මාගේ දෙමව්පියන් පැය 4 ක් ගෙදර ඒමට ප‍්‍රමාද වූ විට මම පොලිසිය කැඳෙව්වෙමි.

බිය නොවන්න යයි බයිබලය වරින් වර අපට කියයි. දෙවියන්වහන්සේගේ යහපත් කම බලය දන්නා නිසා, උන්වහන්සේ අප වෙනුවෙන් මිය යාමට යේසුස්වහන්සේ එවු නිසා, අපට මග පෙන්වීමට ශුද්ධාත්මයාණන් එවු නිසා, අපගේ බිය අපව පාලනය කළ යුතු නැත. අසීරු දේවල් අපට මුණ ගැසිය හැකිය. නමුත් සියල්ලේදී අප සමග සිටීමට දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇත.

බිය ගෙන දෙන අවස්ථාවලදී මට උපකාර කළ බයිබල් පදයක් නම් යෙසායා 51:12-16 යි. දැවැන්ත පීඩා මැදින් ගිය තමන්වහන්සේගේ සෙනගට දෙවියන්වහන්සේ මතක් කරන්නේ උන්වහන්සේ ඔවුන් සමග තවමත් සිටින බවත් ඔවුන්ගේ පරම යථාර්ථය උන්වහන්සේගේ සහනදායක අභිමුඛය බවත්ය. නපුරු දේවල් කෙසේ පෙනුණද
“නුඹ සනසන්නේ මමමය” (12 පදය) යෙසායා අනාගතවක්තෘ තුළින් උන්වහන්සේ ඔවුන්ට කිවු සේක.

මම ඒ පොරොන්දුවට ආශා කරමි. එම වචන කිහිපය මාගේ ආත්මයේ හැඟීම් ශක්තිමත් කරන නැංගුරමකි. මාගේ ජීවිතයේ දරා ගැනීමට නොහැකි අවස්ථාවන් එන විට මම එම පොරොන්දුව නැවත නැවත අල්ලා ගතිමි. ඒ මාගේ “අඛණ්ඩ බිය” (13 පදය) පීඩාකාරී වන විටය. මෙම ඡේදය තුළින් දෙවියන්වහන්සේ මට මතක් කරන්නේ බිය දනවන දෙයින් මාගේ දෑස් ඉවත් කර ඇදහිල්ලෙන් සහ යැපීමෙන් “ස්වර්ගය දිග හරින” (13 පදය) තැනන්වහන්සේ දෙස බැලීමටය – අපට සැනසීම දීමට පොරොන්දුවන තැනන්වහන්සේ දෙස බැලීමටය.