සැතපුම් 100 ක දුරක් ඇති මාගේ ගමට මා යන විට දෙවියන්වහන්සේ මාව දැන සිටි සේක්ද? මා සිටි තත්ත්වය අනුව පිළිතුර සරළ නැත. මාගේ උණ වැඩි විය. මාගේ හිස රදය වැඩිවිය. “ස්වාමිනී ඔබ මා සමග බව මම දනිමි. නමුත් මම ඉන්නේ වේදනාවෙන්” මම යාච්ඤා කළෙමි.

වෙහෙසවී, දුර්වලවී මම කුඩා ගමක් අසල වාහනය නතර කළෙමි. විනාඩි දහයකට පසුව මට හඬක් ඇසුණි. “හෙලෝ ඔයාට උදව් අවශ්‍යද?”. ඒ තම සගයන් සමග සිටි එම ගමේ පුද්ගලයෙකි. ඔවුන් එතැන සිටීම යහපතක් බව මට දැණුනි. ඔවුන්ගේ ගමේ නම “නා මින් යාලා” ය. එහි අර්ථය රජතුමා මාව දකී යන්නය. මම විශ්මපත් වීමි. මම බොහෝ වර ඒ ගම පසුකර ගෙන නොනවත්වා ගොස් ඇත. මෙවර දෙවියන්වහන්සේ මට මතක් කළේ රජු මා සමග බවය. රෝගී තත්ත්වයෙන් මම එම ගමෙහි තනිව සිටියෙමි. ඉන් දිරිමත්ව මම අසළ ඇති වෛද්‍ය සායනයට ගියෙමි.

අප දෛනික කාර්යයන් තුළින් යන විට දෙවියන්වහන්සේ හොඳින්ම දන්නා සේක. විවිධ ස්ථාන, විවිධ තත්ත්වයන් තුළ අප කෙසේ සිටියද උන්වහන්සේ සියල්ල දන්නා සේක (ගීතාවලිය 139:1-4, 7-12). උන්වහන්සේ අප අත්හරින්නේ හෝ අමතක කරන්නේ නැත. අපට නොසළකා හරින තරමට උන්වහන්සේ කාර්ය බහුලව සිටින්නේද නැත. අප කරදර හෝ අසීරු තත්වයන්හි සිටියද අඳුරේ හෝ ආලෝකයේ සිටියද (11-12 පද)  උන්වහන්සේගේ දෑස් වලින් අප සැඟවී නැත. එම සත්‍යය අපට දෙන ස්ථිරකම සහ බලාපොරොත්තුව නිසා අපව අනර්ඝ ලෙස මවා ජීවිතය තුළින් ගෙන යන ස්වාමින්වහන්සේට ප‍්‍රශංසා කිරීමට අපට පුළුවන (14 පදය).