මම නගරයේ සභාවක ආරාධිත දේශකයෙකු ලෙස දේශනා කරමින් සිටියෙමි. මාගේ විෂය වූයේ අපගේ කැඩුණු බිඳුණු ස්වභාවය දෙවියන්වහන්සේට භාර දී උන්වහන්සේ දෙන සුවය ලබා ගැනීමය. අවසන් යාච්ඤාවට පෙර සභාපාලක මැද කොරිඩෝවේ නැගිට සිටියේය. සමූහයේ සිටි අයගේ දෑස් දෙස ගැඹුරෙන් බලා ඔහු කීවේ
“ඔබගේ සභාපාලක ලෙස මට ඔබව සතියේ මැදදී හවුවේ. සිත් බිඳෙන කැඩුණු බිඳුණු කථා ඇසීමට ලැබේ. නමුත් අපගේ සති අන්ත නමස්කාර මෙහෙයන්හිදී ඔබගේ සිත් රිදීම් සඟවනවා මම දකිමි” යනුවෙනි.

දෙවියන්වහන්සේ විසින් සුව කිරීමට පැමිණී සැඟවුණු සිත් රිදීම් නිසා මාගේ සිත පෑරුණී. හෙබ්‍රෙව් කතෘ දේව වචනය ජීවමාන බවත් ක‍්‍රියාකාරී බවත් පවසයි. බොහෝ අය බයිබලය දේව වචනය බව තේරුම් ගෙන ඇත. නමුත් එය ඊට වඩා වැඩිය. දෙවියන්වහන්සේගේ ජීවමාන වචනය යේසුස්වහන්සේය. උන්වහන්සේ අපගේ සිතුවිලි සහ ආකල්ප ඇගයීමට ලක් කළත් තවමත් අපට පේ‍්‍රම කරන සේක.

යේසුස්වහන්සේ මිය ගියේ සියලූ වේලාවන්හිදී දෙවියන්වහන්සේගේ අභිමුඛයට අපට යා හැකි වීම පිණිසය. සෑම දෙයක්ම සෑම කෙනෙක් සමග බෙදා ගැනීම අණුවන බව අප දැන සිටියද කැඩුණු බිඳුණු එහෙත් සමාව ලද ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස සභාවෙහි ජීවත් විය හැකි බව අපි දනිමු. ”එකිනෙකාගේ බර ඉසිලිය හැකි ස්ථානය” (ගලාති 6:2* එයයි.

අද ඔබ අන් අයගෙන් සඟවා ගෙන සිටින්නේ කුමක්ද? එය දෙවියන්වහන්සේගෙන් සැඟවීමට ඔබ උත්සාහ කරන්නේ කෙසේද? යේසුස්වහන්සේ තුළින් දෙවියන් වහන්සේ අපව දකින සේක. එහෙත් උන්වහන්සේ අපට පේ‍්‍රම කරන සේක. අප උන්වහන්සේට ඉඩ දෙනවාද!