ලන්ඩනයට යාම පිණිස මම බඩු සකස් කරමින් සිටියෙමි. මාගේ මව තෑග්ගක් මට දුන්නාය. ඒ බොහෝ කාලයක සිට මම ආශා කළ ඇයගේ එක් මුදුවකි. එය දැක පුදුම වී මම ඇසුවේ “ඇයි මේ” කියාය. “මම හිතන්නේ ඔබ එය දැන් භුක්ති විඳිය යුතුය කියායි. මම මැරෙණ කම් ඉන්න ඕනෑ නැහැ. කොහොම වුනත් ඒක දැන් මට දාන්නත් බැහැ” ඇය කීවාය. සිනහවකින් මම එය පිළිගතිමි. එය බලාපොරොත්තු නොවූ තෑග්ගකි. කාලයට පෙර ලැබුණු උරුමයකි. එය මට සතුටක් ගෙනාවේය.

මාගේ මව මට භෞතික තෑග්ගක් දුන්නාය. නමුත් යේසුස්වහන්සේ පොරොන්දු වන්නේ ඉල්ලන්නාට පියාණන් වහන්සේ ශුද්ධාත්මයාණන් දෙන සේක කියාය (ලූක් 11:3). පාපයෙන් කඩතොළු වී සිටින දෙමාපියන්ට දරුවන්ගේ අවශ්‍යතා සැපිරිය හැකි නම් (මාළු හෝ බිත්තර) ස්වර්ගීය පියාණන් තම දරුවන්ට ඊට වඩා කොපමණ හොඳ දේ නොදෙනු ඇත්ද? ඒ ශුද්ධාත්මයාණන් තුළින් (යොහාන් 16:13) අපට කරදර කාල වලදී පවා බලාපොරාත්තුව පේ‍්‍රමය ප‍්‍රීතිය සහ සාමය අත්දැකිය හැකිය. එම තෑගි අන් අය සමග බෙදා ගත හැකිය.

හැදෙන වැඩෙන කාලයේදී අපට පේ‍්‍රමය සහ සැලකීම සම්පූර්ණයෙන් දිය නොහැකි දෙමව්පියන් ඉන්නට ඇත. එසේත් නැත්නම් කැපවීමේ පේ‍්‍රමයේ දීප්තිමත් ආදර්ශයක් සහිත මව්වරු සහ පියවරු අපට ඉන්නට ඇත. නැතිනම් අනෙක් අත්දැකීම ඒ අතරමැද විය හැකිය. අපගේ දෙමව්පියන් සමග අපි කුමක් අත්දුටුවද අපගේ ස්වර්ගීය පියාණන් අපට අඛණ්ඩව පේ‍්‍රම කරන බවට ස්ථිරතාවයක් අපට තබා ගත හැකිය. උන්වහන්සේ තම දරුවන්ට ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය දුන් සේක.