නිවසක් හෝ වාහනයක් මිළදී ගැනීමට කෙනෙකු ණයක් ඉල්ලන විට මුදල් දෙන අය මූල්‍යමය අවදානමක් නොගනිති. ණය ගෙවන බවට ඔහුගේ පොරොන්දුව බැංකුවට ප්‍රමාණවත් නොවන විට වෙලාවට ණය ගෙවා ඇති, වත්කමක් ඇති ඇපකරුවෙකු බැංකුව ඉල්ලති. ඇපකරුවෙක් සිටින විට මුදල් දෙන්නා හට ණය නැවත ගෙවීම ගැන සහතිකයක් තිබේ.

කෙනෙකු අපට මුල්‍යමය, විවාහ සම්බන්ධ හෝ වෙනත් කාරණාවක් සම්බන්ධව පොරොන්දුවක් දුන් විට ඔවුන් එම පොරොන්දුව ඉෂ්ට කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. දෙවියන්වහන්සේද පොරොන්දු ඉටු කරන බව දැන ගැනීමට අපට අවශ්‍ය වේ. ආබ්‍රහම්ට ආශිර්වාද කර ඔහුට විශාල පරම්පරාවක් දීමට දෙවියන්වහන්සේ පොරොන්දු වූ විට (හෙබ්‍රෙව් 6:14; උත්පත්ති 22:17) ආබ්‍රහම් දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කළේය. පවතින සියල්ලේ කතෘ ලෙස උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කිසි කෙනෙකු නැත. දෙවියන්වහන්සේගේ පොරොන්දුව ස්ථිර කළ හැක්කේ දෙවියන්වහන්සේටම පමණි.

තම පුත්‍රයා උපදින තුරු බලා සිටීමට ආබ්‍රහම්ට සිදුවිය (හෙබ්‍රෙව් 6:15). (එසේම ඔහුගේ පරම්පරාව එතරම් විශාල වෙනවා ඔහු දුටුවේ නැත). නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුවට විශ්වාසවන්ත විය. අප සමග සැමවිටම සිටීමටද (13:5) අපව ආරක්ෂිතව වැළඳ ගැනීමටද (යොහන් 10:29) අපට සැනසීම දීමටද (2 කොරින්ති 1:3-4) උන්වහන්සේගේ වචනයට ස්ථීරව සිටින බවට අපට විශ්වාස කළ හැකිය.