“මට ඒක කරන්න බැහැ!”. අසහනයට පත්වූ සිසුවෙක් විලාප නැගීය. පිටුවේ ඔහුට පෙණුනේ කුඩා අකුරුය. අසීරු අදහස්ය. එසේම සමාව නොදෙන අවසන් දිනයයි. ඔහුට තම ගුරුවරයාගේ උපකාරය අවශ්‍ය විය.

කන්ද උඩ දේශනාව කියවන විට අපටද එවැනි අසහනයක් ඇති විය හැකිය. “ඔබගේ සතුරන්ට පේ‍්‍රම කරන්න” (මතෙව් 5:44), කෝපය මිනීමැරුමට සමානය (29 පදය), සල්ලාල බැල්ම වෛශ්‍යාකමට සමානය (28 පදය). අපට එම ප‍්‍රමිතීන්ට අනුව ජීවත් විය හැකි යැයි අපි සිතන්නේ නම් ඉන්පසු අපට හමුවන්නේ “ඔබගේ දෙවියන්වහන්සේ සම්පූර්ණව සිටින නිසා නුඹලාත් සම්පූර්ණව සිටිල්ලා” (48 පදය) යන්නය.

කන්ද උඩ දේශනාව බලාපොරොත්තු කැඞීම ඇති කරන්නේය යනුවෙන් ඔස්වර්ල්ඞ් චේම්බර්ස් කියයි. නමුත් ඔහු එය යහපත් බව දකියි. එසේ කියන්නේ බලාපොරොත්තු කඩවීම නිසා අප යාචකයන් මෙන් යේසුස්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගෙන් ලබා ගැනීමට සතුටුවන නිසාය.

බොහෝ විට දෙවියන්වහන්සේ ප‍්‍රතිවිරුද්ධ මාර්ගවලින් ක‍්‍රියා කරන සේක. ඔවුන්ට බැරි බව දන්නා අය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබති. අපෝස්තලූ පාවුල් කියන ලෙස “ඔබගෙන් බොහෝ අය මනුෂ්‍ය ප‍්‍රමිතියට අනුව ඥානවන්ත නැත …. නමුත් ප‍්‍රඥාවන්තයින් මෝඩ කරන පිණිස ලෝකයේ අඥානයින් තෝරා ගත් සේක” (1 කොරින්ති 1:26-27).

දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව කරණකොට ගෙන අපගේ ගුරුවරයාණෝ අපගේ ගැළවුම්කරුවාණන්ද වන සේක. අප උන්වහන්සේ වෙත ඇදහිල්ලෙන් පැමිණි විට උන්වහන්සේගේ ආත්මයාණන් තුළින් අපි ධර්මිෂ්ඨකම ශුද්ධකම සහ මිදීම ලබමු (30 පදය). එසේම උන්වහන්සේ වෙනුවෙන් ජීවත්වීමට අනුග‍්‍රහය සහ බලය ලබමු.”සිතින් දිළින්දෝ වාසනාවන්තයෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය” කියා යේසුස් වහන්සේ කීවේ එසේ හෙයිනි.