මාගේ බැංකුවේ එක් නිලධාරියෙකුගේ ජනේලය අසළ ෂෙල්බ් කෝබ්රා නමැති වාහනයේ ඡායාරූපයක් ඇත. එය ෆෝඩ් සමාගම විසින් සාදා ඇති අධිවේගී රථයකි.

එක් දිනක් බැංකුවට ගිය විට “ඒ ඔබගේ කාරයද” කියා මම ඔහුගෙන් ඇසීමි. “නැහැ” ඔහු කීවේය. “ඒ මගේ ආශාවයි. සෑමදින උදේ වැඩට ගොස් වැඩ කිරීමට හැකිවන හේතුව එයයි. මම කවදා හරි එකක් ගන්නවා”.

මම එම තරුණයාගේ ආශාව තේරුම් ගතිමි. මාගේ මිතුරෙක්ට කෝබ්රා වාහනයක් තිබේ. දිනක් මම එය පැදවීමි. එය ඉතා අනර්ඝය. නමුත් කෝබ්රා වාහනයද ලෝකයේ අනික් දේවල් මෙන් ජීවත්වීමට ප‍්‍රමාණවත් දෙයක් නොවේ. දෙවියන්වහන්සේ හැර වෙන දේවල් මත විශ්වාසය තබන අය ගීතිකාකරුට අනුව කවදා හෝ “නැමී වැටෙනු ඇත” (ගීතාවලි 20:8).

ඊට හේතුව අපව මවා ඇත්තේ දෙවියන්වහන්සේ වෙනුවෙන් නිසාය. වෙන කිසිවක් නිසා නොවේ. දිනපතා අතදැකීම් වලදී අපි එය දකිමු. අපි ඒ දෙය ගනිමු. මේ දෙය ගනිමුු. එසේ කරන්නේ ඒවා අපව ප‍්‍රීතිමත් කරාවිය යන හැඟීමෙනි. නමුත් දුසිම් ගණන් නත්තල් තෑගි ලබන දරුවෙක් මෙන් අපි අසන්නේ  “මෙච්චරද” කියාය. ඒවායෙහි යමක් අඩු බවක් අපට දැනේ.

මේ ලෝකයට දිය හැකි යහපත් දේවල් පවා අපව සෑහීමකට පත් කරන්නේ නැත. ඒවායෙහි යම් විනෝදයක් ඇත. නමුත් අපගේ ප‍්‍රීතිය ඉක්මණින් නැතිවේ (1 යොහන් 2:17). සී.එස්. ලුවිස්ගේ නිගමණය වන්නේ “ඇත්තෙන්ම උන්වහන්සේ නැති ප‍්‍රීතියක් අපට දීමට දෙවියන්වහන්සේට නුපුළුවන”.