“අපේ ගෙදර අත්හැරලා යන්න වුනේ ඇයි?” මගේ පුතා ඇසීය. ගෙයක් යනු කුමක්දැයි පස් අවුරුදු දරුවෙකුට විස්තර කිරීම ඉතා අසීරුය. අපි නිවසක් හැර යන්නෙමු. නමුත් එය ගෙදර නොවේ. ගෙයක් යනු අපගේ පේ‍්‍රමණීයයන් සිටින ස්ථානයයි. දුර ගමනක් නැතිනම් මුළු දවසක් මහන්සිවී වැඩ කළ පසු අපි නැවත එන්නට කැමතිම ස්ථානය ගෙදරයි.

යේසුස්වහන්සේ මිය යාමට පැය කිහිපයකට පෙර උඩුමහලේ සිටින විට උන්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ “නුඹලාගේ සිත් නොකැළඹේවා” (යොහන් 14:1) කියාය. යේසුස්වහන්සේ තම මරණය පිළිබඳව අනාවැකි කියා තිබූ නිසා ගෝලයන්ට තමන්ගේ අනාගතය ගැන සැක තිබුණි. නමුත් යේසුස්වහන්සේ උන්වහන්සේගේ අභිමුඛය ගැන ස්ථිර කළ සේක. උන්වහන්සේ ඔවුන්ව නැවත දකින බවට ඔවුන්ට සහතික වූයේය. උන්වහන්සේ ඔවුන්ට කීවේ “මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය… නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි” (2 පදය) කියාය. ස්වර්ගය විස්තර කිරීමට වෙන වචන භාවිතා කිරීමට උන්වහන්සේට හැකියාව තිබුණි. නමුත් උන්වහන්සේ අපහසු හෝ අප නොදන්නා ස්ථානයක් ගැන විස්තර කරන වචන භාවිතා නොකළ සේක. ඒ ස්ථානය අප පේ‍්‍රම කරන යේසුස්වහන්සේ ඉන්න ස්ථානයයි.

සී.එස්. ලුවිස් ලීවේ “ප‍්‍රසන්න නවතින ස්ථාන අපගේ පියාණෝ ගමන අතරමගදී අපට දෙන සේක. නමුත් ඒවා අපගේ ගෙදර යයි වැරදියට වටහා ගැනීමට ඉඩ නොදෙන සේක” කියාය. ජීවිතයේ “ප‍්‍රසන්න නවාතැන්” ගැන දෙවියන්වහන්සේට ස්තුති කිරීමට අපට පුළුවන. නමුත් ”සදාකාලයටම අප ස්වාමින්වහන්සේ සමග සිටින” (1 තෙසලෝනික 4:17) සත්‍ය ගෙදර ස්වර්ගය බව මතක තබා ගන්න.