මා ඔක්ලෝමාහී ජීවත්වන කාලයෙහි “ටෝනාඩෝ”ගැන නිරීක්‍ෂණය කරන මිතුරෙක් මට සිටියේය. ජෝන් වෙනත් ටෝනාඩෝ හඹා යන්නන්ගේද ගුවන් විදුලි තරංග වලද ප‍්‍රාදේශීය රේඩාර්වලද සහාය ලබා ගත්තේය. ඔව්හු කුණාටු හඹා ගොස් සෑහෙන පරතරයක් තබා ගෙන හානියට ලක්වෙන මාර්ගයේ සිටින අයට හදිසි වෙනස්කම් ගැන දැනුම් දෙති.

එක් දිනක් කුණාටුවක් මාර්ගය ක්‍ෂණීකව වෙනස් කළේය. ජෝන් භයානක අවස්ථාවකට මුහුණ දුන්නේය. කෙසේ හෝ ඔහුට ආරක්‍ෂිත ස්ථානයක් හමුවී ඔහු ගැළවිණ.

එදින සන්ධ්‍යාවේ ජෝන් ලත් අත්දැකීම තවත් විනාශකාරී මාර්ගයක් මට මතක් කරයි. එනම් අපගේ ජීවිතවල ඇති පාපයයි. “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවනු ලබන කල්හිද පරීක්‍ෂා කරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහි කරන්නීය. පාපයද සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි” (යාකොබ් 1:14-15).

මෙහි පියවරෙන් පියවර වර්ධනය වීමක් තිබේ. මුලදී හානියක් නැතැයි සිතෙන දෙය පාලනයෙන් ඉවතට ගොස් විශාල ඛේදවාචකයකට හැරේ. නමුත් පරීක්‍ෂාව අපට තර්ජනයක් වන විට දෙවියන්වහන්සේ පෙනෙන කුණාටුවෙන් අපට රැුකවරණයක් ඉදිරිපත් කරන සේක.

දෙවියන්වහන්සේගේ වචනයෙහි පවසන්නේ උන්වහන්සේ කිසි විටෙක අපව පරීක්‍ෂා නොකරන බවයි. අපගේ තීරණ ගැන දොස් තැබිය හැක්කේ අපටමය. නමුත් අපට “පරීක්‍ෂාව” පැමිණී විට එයින් ගැලවීම පිණීස අපට මාර්ගයක් උන්වහන්සේ පිළියෙළ කරන සේක (1 කොරින්ති 10:13). පරීක්‍ෂා මොහොතේදී අප උන්වහන්සේ වෙත හැරී උපකාර ඉල්ලන විට එය ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය යේසුස්වහන්සේ අපට දෙන සේක.

අපගේ සදාකාලික රැකවරණය යේසුස්වහන්සේය.