1988 සිට මා අපගේ දිනපතා භෝජනයට ලිවූ සිය ගණන් කෘති අතරින් එකක් නම් 1990 ගණන් වල මැද භාගයේ මා ලියූ එකකි. මාගේ දියණියන් තිදෙනා කඳවුරකට ගොස් තිබුණි. ඒහෙයින් මාත් මාගේ සය හැවිරිදි පුත්‍රයාත් පිරිමි ශක්තිය විදහා දක්වන කාලයක් ගත කළෙමු.

අප ගුවන් තොටුපළට යන විට ස්ටීව් මා දෙස බලා කීවේ “මෙලිස්සා නැතුව විනෝදයක් නැහැ” කියාය. ඒ ඔහුගේ අට හැවිරිදි සහෝදරිය සහ ඔහුගේ හවුල් මිතුරියයි. යෞවනියක් ලෙස මෙලිස්සා රිය අනතුරකින් මිය ගිය දින සිට අපගේ ජීවිත එසේ සාමාන්‍ය නොවුනි. එම වචන කෙතරම් තීව්ර වනු ඇද්දැයි අප දෙදෙනා එවිට නොදැන සිටියෙමු. කාලය වේදනාව මර්ධනය කර තිබේ. නුමුත් එම වේදනාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කිසිවකට නුපුළුවන. කාලයට එම තුවාලය සුව කළ නොහැකිය. නුමුත් උපකාර කළ හැකි දෙයක් පහත ඇත. ඇසීම, මෙනෙහි කිරීම, සියලු සැනසීමේ දෙවියන්වහන්සේ පොරොන්දුවී ඇති සහනය කාලය ගෙන භුක්ති විඳීමය.

අසන්න : “අප විනාශ නූණේ ස්වාමින්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නිසාත්ය” (විලාප ගී 3:22).

මෙනෙහි කරන්න : “විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබන සේක” (ගීතාවලිය 27:5).

කාලය ගනිමින් භුක්ති විඳින්න : “මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ පොරොන්දුව මා ප්‍රාණවත් කළේය” (ගීතාවලිය 119:50).

අප ප්‍රේම කරන කෙනෙකු අප හැරදමා ගිය විට ජීවිතය තිබුණ ලෙස නොතිබේ. නුමුත් දෙවියන්වහන්සේගේ පොරොන්දු බලාපොරොත්තුව සහ සහනය ගෙන එන්නේය.