මාගේ මිතුරන් සමහරකට අර්ධ සුවයක් ලැබී තිබේ. නමුත් එම රෝගවල වේදනාකාරී අංශ වල බලපෑමෙන් ඔවුන් තවමත් දුක් විඳිති. තවත් මිතුරන් අබ්බැහිවීමකින් නිදහස් වී ඇත. නමුත් තවමත් ඔවුන්ට පරීක්ෂාව ඇත. එසේම හීනමාන හැඟීම් තුළ ඔවුහු අරගල කරති. දෙවියන්වහන්සේ ඔවුන්ව එක්වර සම්පූර්ණයෙන් සුව නොකරන්නේ ඇයි දැයි මම කල්පනා කරමි.

මාර්ක් 8:22-26 දක්වා අන්ධ මිනිසෙකු යේසුස්වහන්සේ සුව කරන බව අපි දකිමු. යේසුස්වහන්සේ ඔහුව ගමින් පිටතට ගෙන ගිය සේක. ඉන්පසු ඔහුගේ ඇස්වලට කෙල ගසා උන්වහන්සේගේ අත් ඔහුගේ ඇස් පිට තැබූ සේක. එවිට මිනිසුන් ගස් වගේ ඇවිදිනවා පෙනේ යයි ඔහු කීවේය. යේසුස් වහන්සේ නැවතත් ඔහුගේ ඇස්වලට අත තැබූ සේක. එවිට ඔහුට සෑම දෙයක්ම පැහැදිළිව පෙනුණේය.

යේසුස්වහන්සේගේ වචන සහ ක්‍රියාකාරකම් සෙනගත් උන්වහන්සේගේ අනුගාමිකයෝත් මවිත කළෝය (මතෙව් 7:28; ලූක් 8:10, 11:14). සමහරු උන්වහන්සේගෙන් ඉවත්ව යාමටද ඒවා ඉවහල් විය (යොහන් 6:60-66). මෙම අංශ දෙකේ හාස්කමද අනිවාර්යයෙන්ම වියවුලක් ඇති කරන්න ඇති. ඇයි උන්වහන්සේ මෙම මනුෂ්‍යයා එකවර සුව නොකළේ?

ඇයි කියා අපි නොදනිමු. නමුත් යේසුස්වහන්සේ ඒ අවස්ථාවේදී ඒ මිනිසාට සහ උන්වහන්සේගේ ගෝලයන්ට අවශ්‍ය දේ දැන සිටි සේක. අප උන්වහන්සේ වෙතට සමීප කර ගැනීමට අද දින අපට අවශ්‍ය දෙය උන්වහන්සේ දන්නා සේක. අපට සෑම විටම එය තේරෙන්නේ නැත. නමුත් සෑම විට අප ජීවිත වලද අපගේ ප්‍රියයන්ගේ ජීවිත වලට උන්වහන්සේ ක්‍රියා කරන බව අපට විශ්වාස කළ හැකිය. උන්වහන්සේ අනුගමණය කිරීමට අවශ්‍ය පැහැදිළිකම, ශක්තිය සහ ධෛර්යය උන්වහන්සේ අපට දෙන සේක.