මාගේ විශ්ව විද්‍යාල දේශකයෙකු මා කිසි අඩුවක් නැතිව වැඩ කිරීමට යාම නිසා වේලාව ගතවන බව දැක මට ණැනවත් උපදෙස් කිහිපයක් දුන්නේය. “සම්පූර්ණවීම යහපතේ සතුරෙකු වන්නට දෙන්න එපා” යයි ඔහු කීවේය. සෑම දෙයක්ම සම්පූර්ණ ලෙස කිරීමට උත්සාහ කිරීම වර්ධනයට අවශ්‍ය අවදානම නැති කරන බව ඔහු තවදුරටත් පැවසීය. මාගේ වැඩ සැම විටම අසම්පූර්ණ වනු ඇත යන සත්‍යය පිළිගැනීම වර්ධනය වීමට මට නිදහස දෙන්නේය.

සම්පූර්ණ වීමට අප දරණ උත්සාහයන් අත් හැරීම පිණිස අපෝස්තලු පාවුල් අපට ඊට වඩා ගැඹුරු පැහැදිලි කිරීමක් දෙන්නේය. එසේ අපි උත්සාහ කරන විට ක්‍රිස්තුස්වහන්සේ අපට අවශ්‍ය බව අපට නොපෙනී යන්නේය

පාවුල් එය ඉගෙන ගත්තේ ඉතා අසීරු ක්‍රමයකටය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවක් උත්සාහ කළ පසු ඔහුට යේසුස්වහන්සේ හමුවිය. එය සෑම දෙයක්ම වෙනස් කළේය (ගලාති 1:11-16). තමන්ගේ උත්සාහයන් දෙවියන්වහන්සේ තුළ පරිපූර්ණ වීමටද හරිව සිටිමටද ප්‍රමාණවත් නම් “ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් මිය යාමට අවශ්‍ය නැතැයි” (2:21) පාවුල්ට වැටහුණි. යේසුස්වහන්සේ තමන් තුළ ජීවත්වීම ඔහුට අත්දැකිය හැකි බව පාවුල් දැන ගත්තේය (20 පදය). ඔහුගේ දුබලකමේදී පමණක් දෙවියන්වහන්සේගේ ප්‍රබල බලය අත්දැකිය හැකි විය.

ඉන් අර්ථවත් වන්නේ අපි පාපයට විරුද්ධ නොවිය යුතුය යන්න නොවේ (17 පදය). නමුත් ඉන් සත්‍ය ලෙස ගම්‍යවන්නේ ආත්මිකව වැඩීමට අපගේ ශක්තිය මත අපි නොයැපිය යුතුය යන්න වේ (20 පදය).

මේ ජීවිත කාලයේදී අපි සැම විට වර්ධනය වන්නෝ වන්නෙමු. නමුත් එකම සම්පූර්ණ තැනන්වහන්සේ අපගේ සිතෙහි යටහත්කමින් අප පිලිගන්නා විට යේසුස්වහන්සේ උන්වහන්සේගේ නිවහන එහි සාදන සේක (එපීස 3:17). උන්වහන්සේ තුළ මුල් ඇද නොනැවතී සම්පූර්ණයෙන් තේරුම්ගත නොහැකි එම ප්‍රේමයේ ගැඹුරට යාමට අපට නිදහස තිබේ (19 පදය).