බිම වැටී ඇති විශාල ගස අසල ස්වල්ප දෙනෙකු වටවී සිටීයෝය. ඒ විශාල ගස අසළ ඔවුන් ඉතා කුඩාවට පෙණුනි. වයසක ස්ත්‍රියක් සැරයටියට බරදී පෙරදින රාත‍්‍රියේ කුණාටුව නිසා මේ “මහිමවත් එල්ම් ගස” වැටුණු සැටි විස්තර කළාය. ඇය හැඟීම්බරව සිටියාය. “ඒකට අපේ තාප්පයත් කැඩුණා. අපි විවාහ වූ කාලයේ මෙම තාප්පය හැදුවේ මගේ ස්වාමිපුරුෂයායි. ඔහු ඒකට ආදරය කළා. මමත් ආදරය කළා. දැන් ඒක නැහැ. මගේ ස්වාමි පුරුෂයා නැතිවුණා වාගේ”.

පසුදින උදැසන ඇය බලන විට කම්කරුවෝ ගස ඉවත්කරනු ඇය දුටුවාය. ඇගේ මුවට සිනහවක් මතු විය. මිනිසුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු ඇගේ ගල් තාප්පය නැවත සාදනවා ඇය දුටුවාය.

දෙවියන්වහන්සේ කැමති සේවයක් ගැන අනාගතවක්තෘ යෙසායා පවසයි. ඒ අප අවට සිටින අයගේ සිත දිරිමත් කරන කාර්යයන්ය. වයසක ස්ත්‍රියට තාප්පය සාදන්නෝ කළ දෙය වැනි සේවයන්ය. හිස් ආත්මික ක‍්‍රියාකාරකම්වලට වඩා පරාර්ථකාමී සේවයන්ට දෙවියන්වහන්සේ කැමති බව මෙම ඡේදය අපට උගන්වයි. තම දරුවන්ගේ පරාර්ථකාමී සේවයට දෙවියන්වහන්සේ දෙයාකාරයකින් ආශිර්වාද කරන සේක. පීඩාවෙන් සහ අවශ්‍යතාවයෙන් සිටින අයට උපකාර කිරීමට අප කැමැත්තෙන් කරන ක‍්‍රියා දෙවියන්වහන්සේ භාවිතා කරන සේක (යෙසායා 58:7-10). ඊළඟට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යයේ ධනාත්මක බලවේගයන් ලෙස අපගේ කීර්ති නාමයන් ඒවා තුළින් ගොඩ නගන සේක (11-12 පද). අද ඔබ කරන මෙහෙය කුමක්ද?