අපගේ වාර්ෂික විවාහ සැමරීමේදී ඇලන් මා හට නැවුම් මල් පොකුරක් සෑම වසරකම තෑගි කරයි. ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරන කාලයකදී ඔහුගේ රැකියාව නැති විය. ඒහෙයින් ප්‍රේමයේ විශාල ප්‍රකාශ කිරීම දිගටම කර ගෙන යයි කියා මම කල්පනා නොකළෙමි. නමුත් අපගේ 19 වන සැමරීමේදී නැවතත් අපගේ කෑම කාමරයේ එම මල් ප්‍රදර්ශනය විය. ඊට හේතුව මෙම චාරීත්‍රය කර ගෙන යාම ඔහුගේ ආශාව වූ නිසාය. මෙම පුද්ගලික ප්‍රේමය ප්‍රකශ කිරීම උදෙසා ඇලන් සැම මාසයේම ඊට යම් මුදලක් එකතු කර තිබුණි.

මාගේ ස්වාමි පුරුෂයා ප්‍රවේශමෙන් සැළසුම් කළ නිසා අති විශාල ත්‍යාගවන්තකමක් ක්‍රියාත්මක විය. කොරින්ති සභාවට පාවුල් කියන්නේද එවැනි දෙයකි. ඔවුන් කැමැත්තෙන් ආශාවෙන් දුන් නිසා අපෝස්තලුවරයා සභාව පැසසීය (2 කොරින්ති 9:2, 5). දෙවියන්වහන්සේ ත්‍යාගශීලිව සතුටු සිතින් දෙන අයට ප්‍රේම කරන බව ඔහු මතක් කළේය (6-7 පද). අපගේ ප්‍රේමණීය සපයන්නාණන්ට වඩා දීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ අපට අවශ්‍ය සියල්ල සැපයීමට නිතර සුදානම්ව සිටින සේක (8-10 පද).

සැම ආකාරයේ දීම්වලින් අපට ත්‍යාගශීලි විය හැකිය. ස්වාමින්වහන්සේ අපගේ ද්‍රව්‍යාත්මක දේ, හැඟීම් සහ ආත්මික අවශ්‍යතා සපුරන සේක (11 පදය). අප අන් අයට දෙන විට දෙවියන්වහන්සේ අපට දී ඇති සියල්ලට අපගේ කෘතඥතාව පළ කළ හැකිය. ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔවුන්ට දෙවියන්වහන්සේ දී ඇති දේවල් වලින් දීමටද අපට අන් අය පෙළඹවිය හැකිය (12-13 පද). අපගේ දෑත් විවෘත කර දීම ප්‍රේමයේ සහ කෘතඥතාවයේ අන්ර්ඝ ප්‍රකාශයකි. උන්වහන්සේගේ සියලු සෙනඟට දෙවියන්වහන්සේ සැපයීම ගැන ස්ථිරකම ප්‍රදර්ශනය කරන සේක.