සමහර ප්‍රශ්න උඩින් තාත්තාගේ නම ලියවී ඇත. උදාහරණයක් ලෙස අප ගෙදර ඉදිරිපස ඇති කොන්ක්‍රීට් පෝටිකෝවේ ඇති කුහරයක මීමැස්සන් සිටින බව අපගේ දරුවෝ සොයා ගත්හ. ඒහෙයින් බෙහෙත් විදිනයත් සමග මම සටනට ගියෙමි. මීමැස්සන් පස් දෙනෙකු මට විද්දෝය.

කෘමීන් මට විදිනවාට මම කැමති නැත. නමුත් මාගේ දරුවන්ට හෝ භාර්යාවට විදිනවාට වඩා එය හොඳය. මාගේ රැකියා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ මාගේ පවුලේ ආරක්‍ෂාවයි. මාගේ දරුවෝ අවශ්‍යතාවයක් දුටුවෝය. එයට මැදිහත්වන්න යයි මට ආරාධනාවක් ලැබුණි. ඔවුන් බියවූ දෙයකින් ආරක්‍ෂා වීමට ඔව්හු මාගේ සරණ පැතූහ.

මතෙව් 7 හි යේසුස්වහන්සේ උගන්වන්නේ අපි අපගේ අවශ්‍යතා දෙවියන්වහන්සේ වෙත ගෙන ආ යුතු බවය (7 පදය). අපගේ ඉල්ලීම් ගැන උන්වහන්සේව විශ්වාස කළ යුතුය. එය පැහැදිළි කිරීමට යේසුස්වහන්සේ සිද්ධි අධ්‍යනයක් ඉදිරිපත් කරයි. “නුඹලා අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ  පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම් ඔහුට ගලක් දේද? නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම් ඔහුට ගලක් දේද?” (9-10 පද). ප්‍රේමණීය දෙමාපියන්ට උත්තරය පැහැදිලිය. කෙසේ වෙතත් යේසුස්වහන්සේ උත්තර දුන් සේක. පියාණන්ගේ ත්‍යාගශීලි යහපත්කම ගැන ඇදහිල්ල නැති කර නොගැනීමට උන්වහන්සේ අපට අභියෝගයක් කරයි. “නපුරුවූ නුඹලා නූඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම් කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙන සේක්ද?” (11 පදය).

මාගේ දරුවන්ට මීට වඩා ප්‍රේම කරන්නේ කොහොමදැයි මම නොදනිමි. නමුත් යේසුස්වහන්සේ අපට ස්ථිර වන්නේ දෙවියන්වහන්සේ අපට දක්වන ප්‍රේමය හොඳම ලෞකික පියෙකුගේ ප්‍රේමයටත් වඩා ඉහළින් තිබෙන බවය.