මට වයස අවුරුදු 19 දී මාගේ සමීපතම මිතුරෙක් රිය අතුරකින් මිය ගියේය. ඉන්පසු පැමිණි සති සහ මාස කිහිපය තුළ මා ගමන් කළේ දුක පිරි මාර්ගයක් තුළිනි. එතරම් තරුණ අනර්ඝ කෙනෙකු මිය යෑම මාගේ දර්ශනය අඳුරු කළේය. සමහර වේලාවට මා අවට සිදුවන දේවල් මට හැඟුණේ නැත. වේදනාව සහ දුකෙන් එතරම් අන්ධ වී සිටි නිසා මා හට දෙවියන්වහන්සේද පෙණුනේ නැත.

ලූක් 24 හි ගෝලයන් දෙදෙනෙකු යේසුස්වහන්සේගේ මරණය නිසා සිත් බිඳී වියවුල්වී සිටියහ. ඔවුන් නැවත නැගිටුණාවූ යේසුස්වහන්සේ සමග ගමන් කරන බවවත් ඔවුන්ට දැනුණේ නැත. උන්වහන්සේද පොරොන්දුවේ ගැළවුම්කරුවාණෝ මිය ගොස් නැවත නැගිටිය යුතු ඇයිද කියා ඔවුන්ට විස්තර කලද ඔවුන්ට වැටහුණේ නැත. උන්වහන්සේ යේසුස්වහන්සේ බව ඔවුන්ට වැටහුණේ රොටී රැගෙන කඩන විටය (30-31 පද). යේසුස්වහන්සේගේ අනුගාමිකයෝ යේසුස්වහන්සේ මිය යන විට මරණයේ සම්පූර්ණ කෲරත්වය දුටුවද උන්වහන්සේගේ නැවත නැගිටීම තුළින් බලාපොරොත්තුව තබා ගන්නේ කෙසේදැයි දෙවියන්වහන්සේ ඔවුන්ට පෙන්වූ සේක.

එම ගෝලයන්ට මෙන් අපටද වියවුල සහ දුක දැනෙන්න පුළුවන. නමුත් යේසුස්වහන්සේ ජීවමාන බවත් උන්වහන්සේ ලෝකයේ සහ අප තුළ ක‍්‍රියාත්මක වන බවත් අප දන්නා නිසා අපට බලාපෙරොත්තුව සහ සහනය තබා ගත හැකිය. අපට තවමත් සිත් රිදීම් සහ වේදනාව දැණුනද අපගේ වේදනාව නැමති ගුහාව තුළින් අප සමග යාමට උන්වහන්සේට ආරාධනා කළ හැකිය. ලෝකයේ ආලෝකය ලෙස (යොහන් 8:12) අපගේ මීදුම ආලෝකමත් කිරීමට සහ බලාපොරොත්තුවේ ආලෝක කදම්බ අප වෙත ගෙන ඒමට උන්වහන්සේට පුළුවන.