අපගේ පුද්ගලික ඉලක්ක ගැන එකිනෙකාට ගණන්දීමට අපි සෑම මසකම එකතු වන්නෙමු. වසර අවසානට පෙර තම පුටු අලුත් වැඩියා කිරීමට මාගේ මිතුරිය වන මේරිට අවශ්‍ය විය. නොවැම්බර් මාසයේදී ඇය දක්‍ෂ ලෙස කියා සිටියේ “මාගේ පුටු ටික සකසා ගැනීමට මාස 10 ක් සහ පැය 2 ක් ගත වුනි” කියාය. එයට අවශ්‍ය අඩුපාඩු ගැනීමටද ඇයගේ රැකියාවේ සහ ළදරුවන්ගේ රාජකාරී වලින් නිවාඩු ගැනීමටද කාලය ගියේය. වැඩට ගියේ පැය දෙකක වෙහෙසක් පමණි.

නෙහෙමියාට ස්වාමින්වහන්සේ ආරාධනා කළේ ඊට වඩා අසීරු වැඩකටය. වසර 150 ක් නටබුන්ව තිබුණු යෙරුසලමේ පවුරු නැවත ගොඩ නැගීමටය (නෙහෙමියා 2:3-5, 12). වැඩෙහි යෙදී සිටිද්දී ඔහු සෙනගට නායකත්වය දුන්නේය. විහිළු තහළු, ආක‍්‍රමණ, අවධානය වෙනතක යොමුවීම, පාපයට පරීක්ෂාව යනාදිය බාධා ලෙස පැමිණුනේය. (4:3, 8; 6:10-12). නමුත් සෘජුව සිටීමටද තම උත්සාහයන්හිදී නොසැලී සිටීමටද පනස් දෙදවසකින් වැඩය නිම කිරීමටද දෙවියන්වහන්සේ ඔවුන් සන්නද්ධ කළ සේක.

එවැනි අභියෝගයන් පරාජය කිරීමට පුද්ගලික ආශාවන්ට සහ ඉලක්කයන්ට එහා යන දෙයක් අවශ්‍ය වේ. කාර්යය පිණිස දෙවියන්වහන්සේ තමා පත් කළ බව දැන නෙහෙමියා ඉදිරියටම ගියේය. විශාල විරුද්ධතා මධ්‍යයෙහි ඉදිරියට යන්නට සෙනගට දිරියක් වූයේ නෙහෙමියා ප‍්‍රදර්ශනය කළ පරමාර්ථයයි. දෙවියන්වහන්සේ අපට පැවරුමක් දුන් විට සම්බන්ධතාවක් හරිගැස්සීම හෝ අපගේ ජීවිතයේ උන්වහන්සේ කළ දෙයක් බෙදා ගැනීම හෝ උන්වහන්සේ ඉල්ලන දේ අවසන් කිරීමට හෝ අවශ්‍ය නිපුණත්වය සහ ශක්තිය දෙවියන්වහන්සේම අපට දෙන හෙයින් අපගේ ජීවිතයට කුමණ අභියෝග පැමිණියත් කමක් නැත.