මට මිතුරියක් සිටියි. ඇයගේ නම ඉඩිත්ය. ඇය යේසුස්වහන්සේ අනුගමනය කිරීමට ආරම්භ කළ දිනය ඇය දිනක් මට විස්තර කළාය.

ඉඩිත් ආගම ගැන වැඩිය සැලකූ අයෙකු නොවේ. නමුත් වියවුල්ව තිබූ ඇයගේ ආත්මය සනසා ගැනීමට ඇය එක් ඉරිදා උදෑසනක අසළ තිබු සභාවකට ගියාය. එදින දේශනා පාඨය වුයේ ලූක් 15:1-2 දක්වාය. එනම් “තවද සියලු සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ළංවෙවී ආවෝය. ඵරිසිවරුද ලියන්නෝද කථාකොට: මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය කියා කොඳුළෝය.” (ලූක් 15:1-2) යන්නය.

පාඨයේ වුයේ එයයි. නමුත් ඉඩිත්ට ඇසුණේ “මොහු පව්කරුවන් සමග ඉඩිත් පිළිගෙන ඔවුන් සමග කන්නේය” යනුවෙනි. ඇය තම බංකුව ඉදිරිපිට නැගිට සිටියාය. පසුව ඇයට තමාට වැරදියට ඇසුණු බව දැණුනි. නමුත් යේසුස්වහන්සේ පව්කරුවන් පිළිගන්නා බව දැන ගැනීම – එනම් ඉඩිත් ඇතුළුව – ඇයගේ සිතෙහි තිබුණි. එදින සන්ධ්‍යාවේ යේසුස්වහන්සේට ළංව උන්වහන්සේට ඇහුම්කන් දීමට ඇය සිතා ගත්තාය. ඇය ශුභාරංචි පොත් කියෙව්වාය. ඉක්මණින්ම යේසුස්වහන්සේ වෙත තම ඇදහිල්ල තබා උන්වහන්සේ අනුගමණය කිරීමට ඇය තීරණය කළාය.

යේසුස්වහන්සේගේ කාලයෙහි සිටි ආගමික නායකයෝ උන්වහන්සේ පව්කාරවූ අමුතු පුද්ගලයන් සමග සිටින බව දැනගත් විට විශ්මිත වුහ. ඔවුන්ගේ නීති එවැනි මිනිසුන් ආශ‍්‍රය කිරීමට විරුද්ධ විය. යේසුස්වහන්සේ ඔවුන් සාදාගත් නීති ගණන් නොගත් සේක. උන්වහන්සේ පහත් අය කැඳවා ඔවුන් වටකර ගත් සේක. ඔවුන් කෙතරම් පව්කාර අය වුවද කම් නැත.

එය අදද සත්‍යයකි. යේසුස්වහන්සේ පව්කාරයන් සහ (ඔබගේ නම සඳහන් කරන්න) පිළිගන්නා සේක.