විවාදයකදී “හැම වෙලේම” නැත්නම් “ඔයා කවදාවත්” යන වචන භාවිතා නොකරන්න යයි ණැනවත් මිතුරෙකු මා හට අවවාද කළේය. විශේෂයෙන්ම ඒ මාගේ පවුලේ අය සමගය. අප අවට සිටින අය විවේචනය කිරීමට සහ අප ආදරය කරන අයට  ප්‍රේම නොකරන හැඟීමකින් සිටීම කෙතරම් පහසුද? නමුත් අප සියලු දෙනාට දෙවියන්වහන්සේ දක්වන නොනවතින ප්‍රේමයේ වෙනස්වීමක් කිසිවිටෙක සිදුවන්නේ නැත.

ගීතාවලිය 145 හි නැවත නැවත සඳහන් වන වදන නම් “සියල්ලන්ට” යන්නයි. “ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.” (9 වන පදය). “ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක.” (13-14 පද).
“ස්වාමීන්වහන්සේ තමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරනසේක;” (20 පදය).

ගීතාවලියේ දුසිම් වාරයක් අපට මතක් කරන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමයට සීමා හෝ පක්ෂපාතිත්වයක් නැති බවය. අලුත් ගිවිසුම එළිදරව් කරන්නේ එම ප්‍රේමයේ විශාලතම ප්‍රකාශය යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රදර්ශනය වන බවය. “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16).

ගීතාවලිය 145 ප්‍රකාශ කරන්නේ “ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක. උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවනසේක.” (18-19 පද) යනුවෙනි.

අපට ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය නොනවති. එය කිසි දිනෙක වෙනස් නොවේ.