මම සෑම විටම විදුලි කුණාටුවලට ආශා කළෙමි. කුඩා දරුවන්ව සිටි කාලයේ කුණාටුවක් විදුලි කෙටීම් සහ දැඩි වර්ෂාවක් සමග පතිත වන විට මාත් මාගේ සහෝදරයනුත් එළියට පැන වත්ත වටේ වියරුවෙන් මෙන් දුවන්නෙමු. ලිස්සමින් රූටායමින් වැටි වැටී යන්නෙමු. වර්ෂාවට බත්වී මඩ නාගෙන නැවත ගේ තුළට යන්නෙමු.

එය ඉතා ප්‍රීතිජනක තෘප්තියකි. එතරම් බලවත් දෙයකින් පෙඟී සිටින නිසා අපි ඇත්තෙන්ම ප්‍රීති වෙමුද? නැතිනම් බියෙන් සිටිමුද? කියා ස්ථිරව කිව නොහැක.

මෙම චිත‍්‍රය මට ගීතාවලිය 107 සිහිපත් කරවයි. දේව වචනය දෙවියන්වහන්සේගේ ප්‍රතිෂ්ඨාපනය පාළු කාන්තාරයක් “ජල පොකුණු” සේ වෙනස් කිරීමට සමාන කරන විට (35 පදය) මෙම චිත‍්‍රය සිහිවේ. කාන්තායක් පොකුණක් බවට පත් කරන්නේ සාමාන්‍ය වැස්සක් නොව අධික වර්ෂාවකි. සෑම වියළි බිම් අඟලක්ම නව ජීවනයකට පෙරළන්නේය.

අප ආශා කරන ප්‍රතිෂ්ඨාපනය එවැන්නක් නොවේද? අපගේ කථාවන් සාගිනිවී පිපාසිතවී ඉබාගාතේ යන ගමන් මෙන් අපට පෙනෙන විට නැතිනම් සුවය කිසිදා නොලැබෙන බව පෙනෙන විට (4-5 පද) අපට සුළු බලාපොරොත්තුවකට වඩා යමක් අවශ්‍ය වේ. ගැඹුරු පාපයන් අපව “ඝණ අන්ධකාරයේ” සිර කරන විට (10-11 පද) අපගේ සිත්වලට කුඩා වෙනසකට වඩා යමක් අවශ්‍ය වේ.

අප දෙවියන්වහන්සේට කළ හැකි පරිවර්ථනය එයයි (20 පදය). අපගේ දම්වැල් බිඳ දමා අපගේ අඳුර ආලෝකයෙන් එළිය කිරීමට වඩා විශාල දෙයක් කළ හැකි තැනන්වහන්සේ වෙත අපගේ බිය සහ ලැජ්ජාව ගෙන ඒමට තවම ප්‍රමාද නැත.