අපෝස්තලු යොහන් තම මිත‍්‍ර ගායස්ට පළමු ශත වර්ෂයේ කළ ක්‍රියාව අද භාවිතයෙන් ඉවත්වන කලාවකි. යොහන් ඔහුට ලිපියක් ලිවීය.

“නිව් යෝර්ක් ටයිම්ස්” සඟරාවට ලිපියක් ලියමින් එක් ලේබිකාවක් වන කැතරින් ෆීල්ඞ් පැවසුවේ “ලිපි ලිවීම ඈත අතීතයේ තිබූ කලාවක් බවත් ලිපි ගැන කල්පනා කරන විට මනස තාර්සස්හි පාවුල් වෙත යොමුවේ” කියාත්ය. අපට අපෝස්තලු යොහන්වද ඊට ඇතුළත් කළ හැකිය.

ගායස්ට ලියූ ලිපියේ යොහන් ඔහුගේ ශරීරය සහ ආත්මයට සුවය ප්‍රාර්ථනා කළේය. එසේම ගායස්ගේ විශ්වාසවන්තකම ගැන දිරියක්ද සභාවට ඔහු දැක්වූ ආදරය ගැන ඇගයීමක්ද සඳහන් කළේය. යොහන් සභාවේ තිබූ ගැටළුවක් ගැනද කථා කළේය. එය ගැන පසුව ක‍්‍රියා කරන බව ඔහු කීවේය. දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා යහපත් දේ කිරීමේ අගය ගැනද ඔහු කථා කළේය. සමස්ථයක් ලෙස ගත් කල එය තම මිතුරාට දිරිය සහ අභියෝගය දෙන ලිපියකි.

විද්‍යුත් සංනිවේදනය පැමිණීම කඩදාසි සහ තීන්ත භාවිතය නැතිවී යාමක් විය හැකිය. නමුත් අන් අය දිරිමත් කිරීම අප අඩු නොකළ යුතුය. පාවුල් පැපිරස් වල ධෛර්ය දීමේ ලිපි ලීවේය. අපට විවිධ ක‍්‍රම වලට අන් අය දිරිමත් කළ හැකිය. ප‍්‍රධාන කාරණය අප අන් අය දිරිමත් කරන ආකාරය නොවේ. අප යේසුස්වහන්සේගේ නාමයෙන් අන් අය ගැන සළකන බවට ඔවුන්ට ඇඟවීමට ගන්නා කාලයයි.

යොහන්ගේ ලිපිය ලද විට ගායස් ලත් ධෛර්යය ගැන මොහොතක් කල්පනා කරන්න. උවමනාවෙන් ලියන ලිපියකින් හෝ ඇමතීමකින් අපගේ මිතුරන්ට දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට දීප්තිමත්ව ප්‍රදර්ශනය කළ හැකිය.